දෙරටේ සිවිල් ගුවන් සේවා ක්ෂේත්රයේ ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් අවස්ථාවක්
ශ්රී ලංකාව සහ තුර්කිය අතර පවතින ද්විපාර්ශ්වික ගුවන් ප්රවාහන ගිවිසුම සංශෝධනය කිරීමේ ප්රොටෝකෝලයකට අත්සන් තැබීමට පසුගියදා පියවර ගත් බව විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්යාංශය පවසයි.
ඒ අනුව මේ දිනවල තුර්කියේ සංචාරකයන නිරත විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර මහතා සහ තුර්කි ජනරජයේ ප්රවාහන හා යටිතල පහසුකම් නියෝජ්ය අමාත්ය එන්වර් ඉස්කුර්ට් (Enver Skurt) මහතා අතර පෙරේදා (27) එරට අන්කාරා නුවරදී මෙම අත්සන් තැබීම සිදුව තිබේ. මෙම පියවර දෙරටේ සිවිල් ගුවන් සේවා ක්ෂේත්රයේ ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමමේ වැදගත් අවස්ථාවක් බව එම අමාත්යාංශය පවසයි.
වැඩිදියුණු කරන ලද ගුවන් සම්බන්ධතා මගින් සංචාරක කර්මාන්තය, වෙෙළඳාම, ආයෝජන සහ ජනතාව අතර හුවමාරු කටයුතු සඳහා පුළුල් අවස්ථා නිර්මාණය කිරීමට හැකියාව ඇති අතර, එමගින් දෙරට සහ දෙරටේ ජනතාව එකිනෙකාට වඩාත් සමීප කරවනු ඇතැයි සඳහන් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd