පසුගිය වසර දෙක තුළ අද්විතීය ක්රියාකාරීත්වයක් වාර්තා කළ ‘LOLC මයික්රොෆිනෑන්ස් බෑන්ක් පාකිස්ථාන්’ (LOLC Microfinance Bank Pakistan) පාකිස්තානයේ මධ්යම හා කුඩා කාණ්ඩයේ බැංකු අතර විශිෂ්ටතම ව්යාපාරික පුනරාගමනයක් ලද බැංකුව ලෙස නම් කර තිබේ. කොවිඩ් - 19 වසංගතයේ දිගුකල් පවතින බලපෑම්, අසාමාන්ය කාලගුණ තත්වයන් සහ රටේ ආර්ථිකයේ පසුබෑම හේතුවෙන් පාකිස්තානයේ බැංකු ක්ෂේත්රය පසුගිය වසර කිහිපය පුරාම අභියෝගාත්මක කාල පරිච්ඡේදයකට මුහුණදුනි. කෙසේ නමුත් එම අභියෝග සාර්ථකව තරණය කළ ‘LOLC මයික්රොෆිනෑන්ස් බෑන්ක් පාකිස්ථාන්’ ගත වූ වසර දෙක තුළ සිය ව්යාපාර කටයුතුවලදී සියලු අංශවල ස්ථාවරත්වය සහ ශක්තිමත් ක්රියාකාරීත්වය ප්රදර්ශනය කිරීමට සමත් විය.
බැංකුව 2026 වසරේ සැප්තැම්බරය වනවිට පාකිස්ථාන රුපියල් මිලියන 422.4 ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 1.52ක) බදු පසු ශුද්ධ ලාබයක් වාර්තා කිරීමට සමත් වූ අතර වඩාත් වැදගත් ලෙස ප්රධාන දර්ශක කිහිපයක් ඔස්සේ ශක්තිමත් ව්යාපාරික ක්රියාකාරීත්වයක් වාර්තා කළේය.
ගතවූ මාස 12 තුළ ණය කළඹේ වර්ධනය සියයට 204 ඉක්මවීය. පසුගිය මාස 12 තුළ මහජන ගනුදෙනුකරුවන්ගේ තැන්පත් වර්ධනය සියයට 240 ඉක්මවීම, අක්රීය ණය ගත වූ වසර 2 තුළ සියයට 19.5 සිට සියයට2.5 කට අඩු අගයක් බවට පත්වීම, පාකිස්ථාන බැංකු ක්ෂේත්රයේ මෙම ජයග්රහණය විශේෂයෙන් කැපී පෙනේ. ‘LOLC මයික්රොෆිනෑන්ස් බෑන්ක් පාකිස්ථාන්’ මෙම කාලසීමාව තුළ සුවිශේෂී ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කිරීම සහ ක්ෂේත්රයේ ශක්තිමත්ම පුනරාගමනයක් සනිටුහන් කිරීම ඊට හේතු වී තිබේ.
මෙම විශිෂ්ට ක්රියාකාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් LOLC සමූහ කළමනාකාර අධ්යක්ෂ/ ප්රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන මහතා මෙසේ පැවසීය. “මෙම ජයග්රහණයෙන් අපගේ ක්ෂුද්ර, කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර (MSME) ආකෘතියේ ශක්තිය පිළිබිඹු වේ. ආර්ථිකයේ පුළුල් පරාසයක විහිදුණු ඵලදායී අංශ සමග සම්බන්ධ වන එම ආකෘතියේදී ණය ආපසු ගෙවීමේ හැකියාව සහ තිරසරභාවය ඉහළ මට්ටමක පවතී.” වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ තැන්පතු වර්ධනය, අක්රීය ණය අනුපාතය අඩු කිරීම සහ ණය කළඹ වර්ධනය ඇතුළු සියලු ප්රධාන අංශවලදී බැංකුව පෙන්නුම් කර ඇති ක්රියාකාරීත්වය, සමස්තයක් ලෙස ක්ෂේත්රයේ වඩාත් ඉදිරියෙන් සිටින බවට සාක්ෂි සපයන බවයි.
‘LOLC මයික්රොෆිනෑන්ස් බෑන්ක් පාකිස්ථාන්’ ශාඛා 101ක් හරහා ක්රියාත්මක වන අතර, 1,466 ක කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ. එහි ගනුදෙනුකාර සංචිතය 60,000 ඉක්මවයි. සිය වර්ධන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිය ප්රධාන කාර්යාලය ඉස්ලාමාබාද් හි ගුල්බර්ග් ග්රීන්ස් (Gulberg Greens) ප්රදේශයට රැගෙන යාමෙන් සිය මෙහෙයුම් කටයුතු තවදුරටත් ශක්තිමත් කර තිබේ. මෙම පියවර මගින් පාකිස්ථානයේ ප්රධාන වාණිජ කේන්ද්රස්ථාන ආශ්රිතව ගනුදෙනුකරුවන්ට සේවා පහසුව වැඩිදියුණු කිරීම සහ මූල්ය සේවා සඳහා ප්රවේශය පුළුල් කිරීම වෙනුවෙන් බැංකුව දක්වන අඛණ්ඩ කැපවීම පිළිබිඹු වේ.
මෙම යටිතල පහසුකම් සංවර්ධනය බැංකුවේ වෙළෙඳපොළ ව්යාප්තිය වේගවත් කිරීමට අවශ්ය පදනම සකස් කරයි. ඒ තුළින් පුළුල් වන ගනුදෙනුකාර සංචිතයට ඉහළ ප්රතිලාභ සහිත ක්ෂුද්ර මූල්ය විසඳුම් කාර්යක්ෂමව සැපයීමට හැකියාව ලැබෙන අතර, මූල්ය ඇතුළත් කිරීම ප්රවර්ධනය කිරීමටද දායක විය හැකි වේ.
LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී ශ්රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම විවිධාංගීකරණය වූ බහුජාතික ව්යාපාර සමූහයයි. එහි ව්යාපාරික මෙහෙයුම් මහාද්වීප තුනක්, රටවල් 27 ක් සහ ක්ෂේත්ර 9 ක් පුරා විහිදී පවතී.
ලොව විශාලතම ක්ෂුද්ර කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර (MSME) වේදිකාව ලෙස සිය ස්ථානය තහවුරු කරගෙන සිටින LOLC සමූහය, ව්යවසායකයන් සහ අඩු පහසුකම් සහිත ප්රජාව සවිබල ගන්වමින් තිරසර ආර්ථික සංවර්ධනයට දායක වෙයි. එමෙන්ම නැගී එන වෙළෙඳපොළ සියල්ලන්ට ප්රවේශ විය හැකි මූල්ය සේවා පුළුල් කිරීමටද එමගින් අඛණ්ඩව කටයුතු කරයි.
LOLC සමූහය සිය ජාත්යන්තර ව්යාපාරික පරාසය තවදුරටත් පුළුල් කරමින් සිටින මෙම අවස්ථාවේදී, මෙම ආයෝජනයෙන් සියලු දෙනාට ප්රවේශ විය හැකි මූල්ය පද්ධති ගොඩනැගීම, මූල්ය පහසුකම් සඳහා ප්රවේශය පුළුල් කිරීම සහ වගකීම් සහගත සහ තිරසර ආයෝජනයෙන් දිගු කාලීන ආර්ථික වටිනාකමක් නිර්මාණය කිරීම සඳහා සමූහයේ අඛණ්ඩ කැපවීම යළි තහවුරු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd