ළමා ලොවට මිදහසක් අවශ්‍ය නැද්ද ?
ළමා කාලය යනු යමකුගේ ජීවිතයේ වඩාත්ම අලංකාර, නිර්ව්‍යාජ සහ නිදහස් කාල පරිච්ඡේදයයි. කුතුහලය, සිනහව, අලුත් දේ සෙවීම සහ සීමාවලින් තොර සිහින මවන මේ සුන්දර අවධිය, ඕනෑම මනුෂ්‍යයකුගේ පෞරුෂත්වයේ පදනම ගොඩනගන ප්‍රධානතම සංධිස්ථානයයි. කෙසේ වෙතත්, වර්තමාන වේගවත් හා සංකීර්ණ සමාජය තුළ අපගේ දරුවන්ට - විශේෂයෙන්ම ගැහැනු දරුවන්ට - මෙම සුන්දර ළමා කාලය සහ ඒ හා බැඳුණු නිදහස අහිමිවෙමින් පවතින අයුරු ඉතා කනගාටුවෙන් වුවද නිරීක්ෂණය කළ හැකිය.