- අගෝස්තුවේදී එම ආදායම ඩො.මි. 135ක් දක්වා සියයට 10.49 කින් අඩුවෙලා
- මුල් මාස අටේදී IT/BPO ආදායම ඩොලර් මිලියන 1,145.30ක් දක්වා ඉහළට
පසුගිය අගෝස්තු මාසයේදී මෙරට තොරතුරු තාක්ෂණ/ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (IT/BPO) හරහා ලැබුණු අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 135.10 ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2025 වසරේ අගොස්තු මාසයේ ඉපැයූ ඩොලර් මිලියන 150.93 හා සැසඳීමේදී සියයට -10.49ක පහළ වැටීමකි.
ඒ අනුව වසරේ ගත වූ මාස අටක කාලය තුළ 2025 වසරට සාපේක්ෂව මාසයක් තුළ තොරතුරු තාක්ෂණ අපනයන ආදායම පහත වැටුණු පළමු මාසය ලෙසත් අගෝස්තු මාසය සැලකෙයි.
අපනයන සංවර්ධන මණ්ඩලය නිකුත් කළ දත්ත අනුව මේ වසරේ ජනවාරි මාසයේදී මෙම IT/BPO අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 177.83ක් ලෙස සටහන්ව තිබේ. මෙය පෙර වසරේ ජනවාරියේ වාර්තා වූ ඩොලර් මිලියන 111 ට සාපේක්ෂව සියයට 60.21ක වර්ධනයක් විය. පෙබරවාරි මාසයේදී එම ආදායම ඩොලර් මිලියන 153.62ක් වූ අතර, එය 2025 පෙබරවාරියේ ලැබුණු ඩොලර් මිලියන 112.41 ට සාපේකෂ්ව සියයට 36.66ක වර්ධනයක් විය.
එසේම මාර්තුවේදී ඩොලර් මිලියන 169.46ක් වූ අතර, පෙර වසරේ මාර්තුවේ වාර්තා වූ ඩොලර් මිලියන 133.98 ට සාපේක්ෂව සියයට 26.48 ක වර්ධනයකි.
අප්‍රේල් මාසයේදී එය ඩොලර් මිලියන 146.09 ක් වූ අතර, පෙර වසරේ අප්‍රේල් වාර්තා වූ ඩොලර් මිලියන 116.97 ට සාපේක්ෂව සියයට 24.89 ක වර්ධනයකි.
මැයි මාසයේ එය ඩොලර් මිලියන 158.21ක් වූ අතර, 2025 මැයි වාර්තා කළ ඩොලර් මිලියන 142.94 ට සාපේක්ෂව සියයට 10.68 ක වර්ධනයකි.
ජුනි මාසයේදී එය ඩොලර් මිලියන 150.49ක් වූ අතර, 2025 ජුනි වාර්තා වූ ඩොලර් මිලියන 135.2 ට සාපේක්ෂව සියයට 11.31 ක වර්ධනයකි.
ජූලි මාසයේදී එම ආදායම ඩොලර් මිලියන 143.24 ක් වූ අතර, එය 2025 ජූලි මාසයේදී වාර්තා වූ ඩොලර් මිලියන 139.98 ට සාපේක්ෂව සියයට 2.32 ක සුළු වර්ධනයකි.
කෙසේ වෙතත් වසරේ මෙතෙක් ගත වූ මාස අටක කාලය තුළ IT/BPO හරහා ලැබුණු අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,145.30ක් ලෙස සටහන්ව ඇති අතර, මෙය පෙර වසරේ එම කාලසීමාවේදී වාර්තා වූ ඩොලර් මිලියන 1,043.42 ට සාපේක්ෂව සියයට 9.76 ක වර්ධනයකි.
මෙම තත්වයත් සමගින්ම ආසන්න මාස කිහිපයේදී තේ අපනයන ආදායම පසු කරමින් මෙරට තෙවැනි විශාලතම අපනයන ආදායම් උත්පාදකයා බවට පත්විමටත් මෙම IT/BPO අංශය සමත්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd