(සුමති කුඩලිගම)

පවතින අධික වර්ෂාවත් සමග අගලවත්ත, දෙල්පේ , හල්ඔවිට ප්‍රදේශයේ නිවසකට කාමරයක බිම නිදා සිටි පහළොස් හැවිරිදි පාසල් සිසුවකු  අකුනු සැර වැදී මිය ගොස් ඇතැයි අගලවත්ත පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ අගලවත්ත, දෙල්පේ, හල්ලෝ විට යන ලිපිනයේ පදිංචි අගලවත්ත මිහිදු මද්‍ය මහා විදුහලේ 10 ශ්‍රේනියේ ඉගෙනුම ලබන  හසිත ප්‍රදිප් කුමාර වයස අවු 15ක සිසුවා බව පොලිසිය පවසයි.

නිවසේ කාමරයේ බිම නිදා සිටියදි නිවසේ ප්ලග් පෙනුවට වැදුණු අකුණු සැර සිසුවාට ද වැදි ඇති අතර අකුණු සැර වැදීමෙන් පසු සිසුවා අගලවත්ත පිඹුර මුලික රොහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදි මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.