- රේගු ප්‍රකාශන වලංගු ඩිජිටල් අත්සන සහිතව යොමු කිරීම අනිවාර්ය වෙයි
ශ්‍රී ලංකා රේගුව හඳුන්වාදෙන කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය (Paperless Customs Declaration Process) අද (01) දින සිට ක්‍රියාත්මක වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතාගේ සහභාගීත්වයෙන් එම දෙපාර්තමේන්තුවේදී මෙම කටයුතු නිල වශයෙන් සිදු කිරිමට නියමිතව තිබේ.
ඒ අනුව සියලු ආනයනකරුවන් සහ ප්‍රකාශකයන් විසින් සිය රේගු ප්‍රකාශන (CusDecs) සහ අනෙකුත් අදාළ ලිපිගොනු වලංගු ඩිජිටල් අත්සන සහිතව යොමු කිරීම අනිවාර්ය කෙරී තිබේ. ඒ සමගම පැරණි ක්‍රමයට යොමුකරනු ලබන රේගු ප්‍රකාශන භාර ගැනීම තවදුරටත් සිදු නොකරන බවත් සඳහන් කරයි.
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය සේවා නවීකරණ වැඩපිළිවෙළේ ප්‍රධාන අංගයක් වන රාජ්‍ය සේවා ඩිජිටල්කරණය කිරීමේ ක්‍රමවේදය යටතේ ආරම්භ කිරීමට නියමිත මෙම කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය මගින් රේගු නිශ්කාෂණ ක්‍රියාවලිය යටතේ වඩාත් කාර්යක්ෂම, වේගවත් සහ විනිවිදභාවයෙන් යුතු සේවයක් ලබාදීමට හැකිවනු ඇතැයිද දෙපාර්තමේන්තුව පවසයි.
ඩිජිටල් අත්සන තැබීමෙන් පසු සිදු කෙරෙන වෙනස්කම් මෙම පද්ධතියෙන් හඳුනා ගනු ලබන බැවින් වංචා දූෂණ සඳහා අවස්ථාව අවම වීමද මෙහි විශේෂත්වයකි.
ශ්‍රී ලංකා රේගුව 2025 වසරේදී සිය ආදායම් ඉලක්කය අභිබවමින් රුපියල් බිලියන 2,231ක ආදායමක් රැස් කිරීමට සමත්ව ඇති අතර, මෙම වසරේදී ගතවූ මාස 08 තුළදී ද සෑම මසකම තම අපේක්ෂිත ආදායම් ඉලක්කය අභිබවා ආදායම් රැස් කිරීමට සමත්ව තිබේ.
ඒ අනුව නව ඩිජිටල් ක්‍රමවේදය සමගින් තවදුරටත් රේගු කටයුතු කාර්යක්ෂම වීම හරහා රේගුවේ ආදායම තවදුරටත් ඉහළ යනු ඇතැයිද එම දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd