
(අංජුල මහික වීරරත්න)
මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සහ විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ නැංවීම සඳහා ස්ථාපනය කරනු ලබන පළමු බැටරි බලශක්ති ගබඩා පද්ධතිය අද (18) ජනතා අයිතියට පත් කෙරෙයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වරාය,සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සහභාගීත්වයෙන් අනුරාධපුරයේදී මෙම ගබඩා පද්ධතිය විවෘත කෙරෙයි.
තව ද පුනර්ජනනීය බලශක්තිය තුලින් විදුලිය උද්පාදනය කිරිමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද “දියජනනි” පාවෙන සූර්ය බලශක්ති පද්ධතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ගරු වරාය,සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සහභාගිත්වයෙන් අද (18) පස්වරුවේ විවෘත කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවෙන්/රජයෙන් රටට, ජනතාවට හොඳක්, සෙතක් සිද්ධ වෙනවා නම් එච්චරයි අපට ඕනෑ.
මම ජනතාවගෙන් එකෙක්. ජනතා අයිතියට මට අයිති කෑල්ල මම ගෙදර ගේනවා.