• ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ආදායම රුපියල් ට්‍රිලියන 2 ඉක්මවයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම වසරේ ජනවාරි 01 සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා ගත වූ කාලය තුළදී රුපියල් බිලියන 2,040 ක ආදායමක් රැස් කිරීමට සමත්ව ඇතැයි පවසයි. 

ඒ අනුව මෙය 2025 වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රුපියල් බිලියන 1,642 ක ආදායමට සාපේක්ෂව රුපියල් බිලියන 398 ක එනම් සියයට 24.2 ක වර්ධනයකි. 

එසේම මෙය 2026 වසර සඳහා එම දෙපාර්තමේන්තුවේ වාර්ෂික ආදායම් ඇස්තමේන්තුව වන රුපියල් බිලියන 2,401 අතරින් සියයට 85ක ප්‍රතිශතයක් සම්පූර්ණ කිරීමේ අවස්ථාවක් ලෙස සැලකෙයි.  මේ අතර එම දෙපාර්තමේන්තුව සැප්තැම්බර් මාසය තුළ පමණක් රුපියල් බිලියන 288 ක් රැස් කිරිමට සමත්ව ඇති අතර, එය 2025 සැප්තැම්බර් වාර්තා කළ රුපියල් බිලියන 216ට සාපේක්ෂව රුපියල් බිලියන 72ක එනම් සියයට 33.33 ක වර්ධනයකි.