
DIMO Agribusinesses විසින් සංවිධානය කළ DIMO Care Camp 2026 වැඩසටහන අගෝස්තු 8 සිට සැප්තැම්බර් 15 දක්වා දිවයින පුරා ස්ථාන 38කදී සාර්ථකව පැවැත්විණි. ඕනෑම වෙළෙඳ නාමයකට හෝ මාදිලියකට අයත් ට්‍රැක්ටර් සඳහා විවෘත වූ මෙම වැඩසටහන හරහා, ගොවි ප්‍රජාවට විශ්වාසනීය අලෙවියෙන් පසු සේවා ලබාදීම සඳහා DIMO Agri Machinery හි කැපවීම තවදුරටත් තහවුරු විය.
කුරුණෑගල අනුරාධපුර වවුනියාව කිලිනොච්චිය අම්පාර, මොනරාගල පොළොන්නරුව මඩකලපුව සහ මාතලේ ඇතුළු ප්‍රධාන කෘෂිකාර්මික ප්‍රදේශ රැසක දී මෙම Care Camp වැඩසටහන් පැවැත්විණි. ගොවි ප්‍රජාවට අත්‍යවශ්‍ය සේවා සමීප කරන DIMO Agri Machinery හි දිවයින පුරා විහිදුණු අලෙවියෙන් පසු සේවා ජාලය පිළිබඳව ද මෙහි දී ගොවි ප්‍රජාව දැනුවත් කෙරිණි.
මෙහි දී ට්‍රැක්ටර් පරීක්ෂා කිරීම, සේවා සැපයීම සහ අලුත්වැඩියා කටයුතු තාක්ෂණික උපදෙස් මෙන්ම අත්‍යවශ්‍ය අමතර කොටස් ලබාගැනීමේ පහසුකම් ද සහභාගි වූවන්ට හිමි විය. එමෙන්ම, DIMO හි අත්දැකීම්ලත් තාක්‍ෂණික කණ්ඩායම් මගින් ට්‍රැක්ටර් නිසි ලෙස නඩත්තු කිරීම යන්ත්‍රෝපකරණවල කාර්යක්ෂමතාව, ක්‍රියාකාරීත්වය සහ ආයු කාලය ඉහළ නංවා ගැනීම පිළිබඳ ප්‍රායෝගික උපදෙස් ලබා දුන්නේය.
යන්ත්‍රෝපකරණ සේවාවලට අමතරව, රුධිර පීඩනය පරීක්ෂා කිරීම, BMI පරීක්ෂණ සහ රුධිර සීනි පරීක්ෂණ ඇතුළු නොමිලේ සෞඛ්‍යය පරීක්ෂණ ද මෙහිදී ලබා දෙන ලදී. ක්‍රීඩා ඇතුළු විනෝදාස්වාද වැඩසටහන් සමගින් ගොවි ප්‍රජාව සඳහා වඩාත් සුවිශේෂී අත්දැකීමක් ලබාදීමට ද DIMO Care Camp මගින් කටයුතු කෙරිණි.
මෙම වැඩසටහනට සමගාමීව ඇතිමලේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ පිළිබඳව හදාරන සිසුන් සඳහා විශේෂ පුහුණු සැසියක් ද පැවැත්විණි. ප්‍රායෝගික තාක්ෂණික පුහුණුවට අමතරව, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ වෘත්තීය අවස්ථා සහ ඉදිරි වෘත්තීය සංවර්ධනය පිළිබඳව ද සිසුන් දැනුවත් කරන ලදී.
මේ පිළිබඳව අදහස් දක්වමින් DIMO හි විධායක අධ්‍යක්ෂ රජීව් පණ්ඩිතගේ මහතා මෙසේ පැවසුවේය. වෙළෙඳ නාමය හෝ මාදිලිය කුමක් වුවත්, රට පුරා ට්‍රැක්ටර් හිමියන් වෙත විශ්වසනීය තාක්ෂණික දැනුම සහ අලෙවියෙන් පසු සේවා සමීප කරවීම DIMO Care Camp පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වුණා. ගොවි ප්‍රජාවට අවශ්‍ය සහාය ලබාදීමත්, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ තාක්ෂණික දක්ෂතා වර්ධනය කිරීමත් තුළින්, මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තිරසාර සංවර්ධනයට දායක වීමට අප නිරතුරුවම කටයුතු කරනවා.”
DIMO Care Camp 2026 සාර්ථකව අවසන් කිරීමත් සමග, පාරිභෝගිකයන් සමඟ දිගුකාලීන සබඳතා ගොඩනගා ගනිමින් ඔවුන්ගේ වෙනස්වන අවශ්‍යතා සපුරාලීමට DIMO හි කැපවීම තවදුරටත් තහවුරු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd