- ගනුදෙනුවේ වටිනාකම ඩොලර් මිලියන 2.5ක්
- එය සතු ආයෝජන ඉදිරියේදී ලංකාවට ගෙන්වා ගැනීමත් අපේක්ෂාවක්
මෙරට තුළ ප්රාග්ධන වෙළෙඳපොළ විසඳුම් සම්පාදන සමාගමක් වන කැපිටල් එලායන්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී (CAL) සමාගම හොංකොං නුවර පිහිටි අරමුදල් කළමනාකරණ සහ ආයෝජන සමාගමක් වන ඒෂියා ෆ්රොන්ටියර් කැපිටල් ලිමිටඩ් (AFC - Asia Frontier Capital Ltd) හි සියයට 51ක බහුතර කොටසක් මිලදී ගත් බව පවසයි.
කැපිටල් එලායන්ස් හෝල්ඩිංග්ස් සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත සිදු කළ අනාවරණයකට අනුව, ඊයේ (02) දිනයේදී මෙම ගනුදෙනුවට අදාළ එකඟතාවට පිවිස තිබේ. සිය පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන CAL Global Pte. Ltd හරහා මෙම එකඟතාවට පිවිස තිබේ. එහිදී ගනුදෙනුවේ වටිනාකම ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 2.5 ක් පමණ වන බවත් පැවසෙයි.
කෙසේ වෙතත් මෙම ගනුදෙනුව සම්පූර්ණ වීම සඳහා හොංකොංහි සුරැකුම්පත් කොමිසමේ නියාමන අනුමැතිය හිමිවිය යුතුව තිබේ.
CAL සමාගමට අනුව මෙම අත්පත් කරගැනීම සම්පූර්ණ වීමත් සමගින්ම AFC හි ගෝලීය ප්රාග්ධන ගලාඒමේ හැකියාව ශ්රී ලංකාවට, බංග්ලාදේශයට මෙන්ම කලාපයේ පිහිටි අනෙකුත් ඉදිරි පෙළ ආර්ථික වෙත ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd