2026 වසරේ සුඛෝපභෝගී අාහාර ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි වාර්තා වෙයි. එක්සත් රාජධානියේ පැවැත් වුණු WTM ට්‍රැවල් ෆෙයාර් වෙළෙඳ ප්‍රදර්ශනයට සමගාමීව සංවිධානය වුණු Travel and Taste awards 2026 සම්මාන උළෙලේදී මෙම පිදුම් ලැබීම සිදුව තිබේ.
මෙහිදී සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා විසින් WTM ප්‍රධාන සංවිධායක ඇලෙක්ස් ක්‍රොස්ලි අතින් මෙම සම්මානය හිමි කරගෙන තිබේ.
මෙම සම්මානය පිරිනැමීම සඳහා ශ්‍රී ලංකාව සතු ආවේණික සුඛෝපභෝගී නවීන බුටික් හෝටල් සමූහය, උද්යෝගිමත් සහ විචිත්‍රවත් ආහාර සංස්කෘතිය මෙන්ම විශිෂ්ට දේශීය ස්වභාවික නිෂ්පාදන සමඟ ඒකාබද්ධ වී ඇති ආකාරය විනිශ්චය මණ්ඩලය මෙහිදී විශේෂයෙන් අවධාරණය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd