- මෙගාවොට් 57ක විදුලි බලාගාර ව්‍යාපෘතියේ වටිනාකම ඩොලර් මිලියන 75ක්
ඉන්දියාවේ අන්දමන් දූපතේ, පෝර්ට් බ්ලෙයාර් පිහිටි හෝප් ටවුන්හි ඉදිකරණ මෙගාවොට් 57ක ධාරිතාවකින් යුත් ස්වාභාවික ගෑස් පාදක කරගත් දහන විදුලිබලාගාරයක් සඳහා වන කොන්ත්‍රාත්තුව හිමි වූ බව මෙරට LTL හෝල්ඩිංග්ස්හි පරිපාලිත සමාගමක් වන ලක්දනවි සමාගම පවසයි. ඉන්දියානු රජයට අයත් NTPC (නැෂනල් තර්මල් පවර් කෝපරේෂන්) සමාගමේ පරිපාලිත සමාගමක් වන NTPC විද්‍යුත් ව්යාපාර් නිගම් ලිමිටඩ් සමාගම මෙම කොන්ත්‍රාත්තුව පිරිනමා තිබේ.
මෙහිදී ඉංජිනේරු, ප්‍රසම්පාදන සහ ඉදිකිරීම් සඳහා වන කොන්ත්‍රාත්තුවට අත්සන් තැබීම පසුගිය සැප්තැම්බර් 21 වැනිදා නවදිල්ලි නුවරදී සිදුව ඇත. මෙම කොන්ත්‍රාත්තුවේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 75ක්, එනම් ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 25ක් පමණ වන බව ලක්දනවි සමාගම සඳහන් කරයි. LTL හෝල්ඩිංග්ස් සමූහය අද වනවිට බංග්ලාදේශය, නේපාලය සහ මාලදිවයින තුළ සිය බලශක්ති ව්‍යාපෘති මෙහෙයුම් සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd