• නව සන්නාමය හඳුන්වා දීමේ නිල උත්සවය නොවැම්බර් 22 දා

වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක වූ අලු‍ත්වැඩියා වැඩසටහනකින් අනතුරුව සුප්‍රසිද්ධ ගලදාරී හෝටලය ජාත්‍යන්තර සුඛෝපභෝගී සන්නාමයක් වන  ‘Radisson Blu Hotel Galadari Colombo’ නමින් 2026 දෙසැම්බර් මාසයේදී නිල වශයෙන් යළි විවෘත කිරීමට නියමිතව තිබේ.

ඊයේ (16) කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ලිපියක් යොමු කරමින් Galadari Hotels (Lanka) PLC සමාගම මේ බව තහවුරු කර ඇත.

ඒ අනුව දෙසැම්බර් මාසයේ සිදුවන මෙම විවෘත කිරීමට පෙර, නව සන්නාමය හඳුන්වා දීමේ නිල උත්සවය නොවැම්බර් 22 වැනි දින පැවැත්වීමට නියමිතව ඇති බවත් පවසයි.