
දිට්වා සුළි කුණාටුවෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ පුනරුත්ථාපන සහ නැවත ඉදිකිරීම් කටයුතු සඳහා ඉන්දියාව ලබා දෙන අඛණ්ඩ සහයෝගයේ කොටසක් ලෙස ඉන්දීය රජය ශ්‍රී ලංකාවට වෛද්‍ය කුටි/සෞඛ්‍ය ATM 50ක් ලබාදීම සඳහා ප්‍රදානයක් ලබා දෙන බවට නිවේදනය කර ඇත.
ඉකුත්දා කොළඹ දී පැවති BIMSTEC සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ රැස්වීමට සමගාමීව ඉන්දියාවේ සෞඛ්‍ය සහ පවුල් සුබසාධන සහ රසායනික ද්‍රව්‍ය සහ පොහොර අමාත්‍ය ශ්‍රී ජගත් ප්‍රකාශ් නඩ්ඩා මහතා සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර පැවති ද්විපාර්ශ්වික හමුවෙන් අනතුරුව මෙම නිවේදනය කළේය.
වෛද්‍ය කුටි/ සෞඛ්‍ය ATM මගින් විශේෂයෙන්ම ග්‍රාමීය සහ පහසුකම් අඩු ප්‍රදේශවල අත්‍යවශ්‍ය රෝග නිශ්චය පහසුකම් සඳහා ප්‍රවේශ වීමේ හැකියාව වැඩිදියුණු කරමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ. මේ තුළින් රෝග කලින් හඳුනාගනිමින් රජයේ රෝහල් මත පැටවෙන බර අවම කිරීමට ද හැකිවනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd