කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත


අම්බලන්ගොඩ හා ඒ අවට ධීවරයන් සඳහා අංග සම්පූර්ණ ධීවර වරායක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවයක් හෙට (21) පෙරවරු 8.30ට අම්බලන්ගොඩ පැරණි ධීවර වරාය පරිශ්‍රයේදී අම්බලන්ගොඩ නගරාධිපති අසේල ගොඩහේවා මහතාගේ සම්බන්ධීකරණයෙන් ධීවර අමාත්‍ය රාමලින්ගන් චන්ද්‍රසේකරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මේ අවස්ථාවට ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ යන මහත්වරු ධීවර අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වෙති.

ධීවර බහු කාර්ය මධ්‍යස්ථානයක්, ධීවර විවේකාගාරයක්, ධීවර ආම්පන්න ගබඩා මධ්‍යස්ථානයක්, ආපනශාලාවක් ඇතුළුව ධීවර වරායකට අවශ්‍ය සියලු‍ම පසුකම් සහිත අංග සම්පූර්ණ ධීවර වරායක් අම්බලන්ගොඩ ධීවරයන් වෙනුවෙන් ඉදිකරනු ලබන බවද අසේල ගොඩහේවා මහතා කීය.