
( ප්‍රසාද් රුක්මල් සහ සමන් පාලිත නානායක්කාර)
බණ්ඩාරවෙල අඹදන්ඩේගම ප්‍රදේශයේ අද (17) අලුයම සිදු වූ නායයාමකින් අඹදන්ඩේගම පිටවෙලපතන මාර්ගයට හානි වී නිවසකට අලාභ හානි සිදුවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පවසයි.
පවතින අධික වර්ෂාවත් සමඟ මෙසේ අඹදන්ඩේගම පිටවෙලපතන මාර්ගය නායයාමට ලක්ව ඇති අතර පස්කදු කඩා වැටීමෙන් නිවසකට ද අලාභහානි වී ඇතැයි හෙතෙම කීය.
මෙහි මාර්ගයේ මීටර් දෙසීයක පමණ කොටසක් කැඩී ගොස් ඇති අතර එහි විශාල ප්‍රදේශයක පොළොව ඉරිතලා පුපුරා ගොස් ඇති බවත් මේ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුවත් කළ බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා වැඩිදුරටත් සදහන් කළේය.

(ඡායාරූප : සමන් පාලිත නානායක්කාර)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd