
(අංජුල මහික වීරරත්න)
දූෂණ වංචා අවම කිරීම වෙනුවෙන් තාක්ෂණය සහ මාර්ගස්ථ ක්‍රම මඟින් ගනුදෙනු සිදු කරන සාර්ථක වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා පැවසීය.
වැටුප් වැඩි කිරීම ඇතුළු විවිධ ඉල්ලීම් සිදුකරන රාජ්‍ය සේවකයන් තම යුතුකම ද නිසි ලෙස ජනතාවට ඉටුකළ යුතු බවත් දේශපාලන තන්ත්‍රය මඟින් සිදු කළ හැකි වන්නේ ප්‍රතිපත්ති සම්පාදනය පමණක් බවත් සුමිත්‍රආරච්චි මහතා කීය.
ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා මේ බව කීවෙි 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.
රාජ්‍ය සේවකයන්ගේ කාර්ය භාර්ය පිළිබඳව යම් සමීක්ෂණයක් සිදු කිරීම ද අවශ්‍යව පවතින බව ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු රාජ්‍ය සේවකයින්ට යුතුකම් ඉටු කරන්න කියලා කියන්නේ මොවුන් කාලා හප කරලා විනාශ කෙරුව රට ගොඩදාන එක රාජ්‍ය සේවකයන් ඇතුළු රටේ මහජනතාවගේ වගකීම කියලා හිතාගෙන වෙන්න ඇති...
ඔබලා හරියට රට පාලනය කළා නම් රටට මෙහෙම වෙයිද? බයිලා නොගහ ඉන්න හාදයා...
කකුලුවෝ වගේ උපදෙස් දෙන්න එපා. වංචා, දූෂණ ලංකාවට ඉහළින්ම හඳුන්වල දුන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලකයින්. ඉස්සර වෙලාම එතැනින් පටන් ගන්න. තමන් දේපල උපයා ගත්තු විදිය රටටම හෙළි කරන්න.
සේවා ලාභීන්ගේ පැමිණිලිද අරගෙන සමීක්ෂණ කටයුතු සාර්ථකව කරන්න ඒ සමඟ ඵලදායීතාවය මැනපු කාලයේ ඔෆිස් වල අයම ප්‍රකාශ ලියපු බවත් සිහියේ තබාගෙන සමීක්ෂණ කටයුතු කරන්න..