(සමන් පාලිත නානායක්කාර සහ ප්‍රසාද් රුක්මාල්)
කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයෙන් ඇල්ල - වැල්ලවාය මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම වර්ධනය වී ඇති නිසා එම මාර්ගය අද 17 රාත්‍රී අටේ සිට හෙට අලුයම හය දක්වා වසා තැබීමට තීරණය කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශයන්ට අනුව මෙම පියවර ගත් බවද එම මධ්‍යස්ථානය පැවසීය.
මේ වනවිට ඇල්ල කරදගොල්ල නාය ගිය ස්ථානයට කඳුවැටියේ සිට විශාල වශයෙන් රොම්මඩ සහිත ජලය ගලා ඒම නිසා වාහන එම ස්ථානය පසු කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බැවින් මහජනයාගේ ආරක්ෂාව සලකා මෙම පියවර ගත් බවද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකෙ සුලමුල හොයලා හරියටම හේතුවක් කියන්න, අඩුමගානේ පින්තූරයක්වත් දාන්න...