IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


පාසල් දරුවන්ගේ උදේ ආහාරය සුළුවට නොතකමු

සකල  සිරින් පිරි ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී මේ බව අනාවරණය වූ  බවද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

මේ රට යනු තරුණ කැරලි දෙකක අත්දැකීම් ඇති රටකි. මෙම කැරලි නිර්මාණය වූයේ අහේතුකව නොවේ. අයුක්තියෙන්, අසාධාරණයෙන් හා අසමානතාවෙන් නොනැවතී පීඩා විඳි තරුණයන්ගේ අසහනය කැරලි ලෙස එසේ ප්‍රකාශයට පත්විය. ලෙයින්, යකඩෙන් හා ගින්දරෙන් මඩිනු ලැබුව ද එම කැරලි නිර්මාණය වීමට හේතු පාදක වූ සාධක අමතක නොකළ යුත්තකි.

 මේ රට යනු තිස් වසරක යුද්ධයකින් දැවුණු තැවුණු රටකි. මිනීමරු ප්‍රභාකරන්ගේ සිහින ඊළාම් දේශය වෙනුවෙන් යුද්ධය ආරම්භ වුවද ප්‍රභාකරන්ට අවශ්‍ය වූ මරාගෙන මැරෙන මිනිස්  බෝම්බ බවට පත් වූ තරුණයා ද සමඟ තෝරා ගත්තේ ද තමන් පෙළෙමින් සිටි පීඩනයට පිළිතුරක් වශයෙන් ඇති වූ හැඟීම නිසා බව බැහැර කළ නොහැකිය.

ඉතිහාසය, පුනරුච්චාරණය කරනු ලැබුවේ සහේතුකවය. පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6ක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව වාර්තාවීම ඉතා බැරෑරුම්ව වටහා ගත යුත්තකි. එය එක් අතකින් මෙරට පවතින පංති විසමතාව පෙන්නුම් කරන ප්‍රවෘත්තියකි. සම්පත් බෙදී යාමේ ඇති විසමතාව අවධාරණය කෙරෙන පුවතකි. මෙම තත්වය බැරෑරුම්ව ගත යුත්තේ මෙමගින් පීඩාවට පත්වන දරුවා තුළ ඇති කරනු ලබන්නේ අසහනය, අපේක්ෂාභංගත්වය වන හෙයිනි. මෙම සාධක දෙකම කැරලිවලට අවශ්‍ය පසුබිම සකස් කර දේ.

ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී අනාවරණ වී ඇති තවත් සුවිශේෂි කරුණක් වන්නේ පාසල් දරුවන්ට ආහාර ලබාදීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් පසු දරුවන් පාසලට පැමිණීම වැඩි වී ඇති කාරණයයි. මෙමගින් අපට නිගමන දෙකකට එළැඹිය හැකිය. පළමු වැන්න නම් ඇතැම් දරුවන් පාසල් නොඑන්නේ පාසල් ඒමට තරම් ශක්තියක් නොමැති නිසා බවය. දෙවැනි කාරණය නම් ආහාර ලබාදීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වීමෙන් පසුව දරුවන් පාසලට පැමිණීම වැඩි වී ඇත්නම් එම දරුවන් පාසල් පැමිණෙන්නේ ඉගෙනීමට නොව කුසගින්න නිවා ගැනීමට බවය. මේ රටේ දරුවා මුහුණ දී සිටින ඛේදවාචකය ඉහත නිගමන දෙකෙන් වුවද පැහැදිලි කරගත හැකිය.

පෙරදිග ධාන්‍යාගාරය යැයි විරුදාවලි ලත් නයන පිනවන මේ රන් දිවයින අද පත්ව ඇති ඉරණම බෙහෙවින්ම ඛේදනීය වේ. මේ තත්වයට රට පත් කළ අධමයන් කවුදැයි එකිනෙකාට බැණ අඬ ගැසීමෙන් මෙම ඉරණම වෙනස් කළ නොහැකිය. අවශ්‍ය වන්නේ ප්‍රශ්නයට ඉක්මන් පිළිතුරකි. දේශපාලන පාට කණ්ණාඩි නොදමා සාමුහික විචාර බුද්ධියෙන් මෙන්ම අවුළුවාගත් මහා මිනිස් අනුරාගයෙන් පණ පෙවී ප්‍රශ්නය දෙස බලන්නේ නම් ඉක්මන් පිළිතුරු නිර්මාණය කර ගැනීම අසීරු නොවේ.

‘ලොව හොඳම දේ දරුවන්ට’ යන්න ශිෂ්ට සම්පන්න ජන සමාජයේ ඉමහත් ඉහළින් උස්මහත් කරනු ලැබූ සංකල්පයකි. එහෙත් අවාසනාවකට අපේ දරුවෝ ලොව නරකම දෙයෙහි පහසු ගොදුරු බවට පත්ව සිටිති. එම දරුවා රටේ අනාගතය බාරගැනීමට සිටින්නාය. එම තත්වය තුළ රටේ අනාගතය සම්බන්ධයෙන් අපට සුබවාදී බලාපොරොත්තු තබාගත හැකිද යන්න වැඩිහිටියා කල්පනා කළ යුතුය.

(***)



අදහස් (0)

පාසල් දරුවන්ගේ උදේ ආහාරය සුළුවට නොතකමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1564 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site