
(අංජුල මහික වීරරත්න)
කෘත්‍රීම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කිරීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඒ සඳහා කැමැත්තක් දක්වන පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ට අවශ්‍ය සහාය ලබා දෙන බවද ජනාධිපතිවරයා කීය.
ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා විසින් කෘත්‍රීම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කෑගල්ල නෙළුම්දෙණිය ප්‍රදේශයේ ඉදිකර ඇති හරිතාගාරය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට අද (17) සහභාගී වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.
මෙම කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සඳහා මෙම වසරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 100ක් තෝරාගෙන ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය .
එහිදී ජනාධිපතිවරයා ත්‍රීරෝද රියක නැගී ගොස් වගා භූමිය නිරීක්ෂණය කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක විතරක් මදි, මේ රටේ ඉන්න තකතීරු ඡන්ද දායකයෝ හැම කෙනාටම තියෙන මොලේ ගලවලා ඔය කියන කෘත්‍රිම බුද්ධි හයි කරන්න ඕනෑ. එතකොටවත් දියවන්නාවට හරක් දැක්කිල්ල නවත්තයිද කියලා බලන්න.
ඔයාගේ සංදර්ශන තව මාස 4යි ලොක්කා...
අම්මට සිරි ඡන්දෙන් පස්සේ ගමන් බිමන් යන්න දැන්මම පුරුදු වෙනවා වගේ...?
මොකක් හරි හොඳ දෙයක් දකිනකොට ඒකේ වරද දකින ජවිපේ අයගේ මොලේට කෘතිම බුද්ධිය දාන්න පුලුවන් තාක්ෂණයකුත් හදන්න...
රනිල්ගේ කෙරුවාවල් ගැන අපි එදා ඉඳළාම දන්නවා. දේශපාලුවෝ කොහොමටත් ජනතාව අන්දවන එකයි කෙරුවේ...
ඔබතුමා කී සැරයක් මේ රටේ මිනිසුන්ව ගොනාට ඇන්දුවාද? අපි මේ සැරේ නම් ඔබතුමාගේ ගොන් පාට්වලට රැවටෙන්නේ නෑ. යන තැනට කටයුතු සලසා ගන්න...
රට පාලනය කෘතිම බුද්ධියට දීලා යන්න වැසිකිළි හෝදන්න.
නුවන්ට සවිකරලා තියෙන මී හරක් මොලේට වැටහෙන විදියට රනිල්ට විරුද්ධව කතාකරන හැමෝම ජවිපෙ, ඒක නිසා ජවිපෙට තියෙන බය ඇරවාගන්න ඔය ලොක්කාට සමූපකාර ඡන්ද තියන්න කියලාවත් කියන්න..
ජනාධිපති කෙනෙක් පළමු වරට ත්‍රි රෝද රථයකින් යනවා දැක්කෙත් අදමයි..! හොඳ ආදර්ශයක්... පාර්ලිමේන්තුවේ සිටිමින්, සුපිරි වාහන, පර්මිට් ඉල්ලමින් සද්දේ දාන මන්ත්‍රීවරුන්ට මෙවැනි වාහන පර්මිට් දෙන්න බැරි කමක් නැහැ නේද?
පාස්පෝට් එකේ පින්තූරය අප්ලෝඩ් කරගන්න බෑ කියලා ඉමිග්‍රේෂන් එකේ ලොක්කා හොටු පෙරනවා. මෙයා මෙතන කුඹුරට AI ගේන්න කතාව... සංදර්ශන විතරයි... වැඩ නෑ..
ඔච්චර කල් කරගන්න බැරිවෙච්චි ඔබතුමා දැන් තමයි කරන්නේ... අනේ නිකං ඉන්න. දැන් ඕක දාලා ගෙදර යන්න සූදානම් වෙන්න...
අනේ දැකපුවාහම දුක හිතෙනවා. කලිසම උස්සාගෙන ගෙදර යන්ට අපිට පව් නොදී...
මීට කලින් කියපුවා කෙරුවද කියලා ආපසු හැරී බලන්න. කෝ තරුණයන්ට දෙනවා කියපු වෑන්, බ්‍රේස්ලට්.... අඩුම ගානේ ගොවියන්ට බුලත්විට වෙනුවට දෙනවා කීවා චුවිංගම් වත් දුන්නද. අපි නොදන්නවය් ඔබතුමාගේ කථා. කෘතීම බුද්ධිය කෙසේ වෙතත් ඔය මීහරක් බුද්ධියක් තියෙන ඇමති මණ්ඩලේට මොනවහරි කෙටුවොත් නරකද.