(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පවත්වන්නැයි කළ ඉල්ලීමට ජනාධිපතිවරයා නිශ්චිත ප්‍රතිචාරයක් නොදැක්වූ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහත්වරුන් අතර පෙරේදා සාකච්ඡාවක් පවත්වා ඇත.
මෙම ඉල්ලීම කර ඇත්තේ එම රැස්වීමේදීය.
රටේ සංවර්ධන ක්‍රියාදාමය සම්බන්ධයෙන්ද සිය පක්ෂයේ ස්ථාවරයද ජනාධිපතිවරයාට එහිදී දැනුම්දුන් බව එම පෙරමුණ පවසයි.
බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡා වට හතක් මේ වනවිට පවත්වා ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මයිනා මහත්තයා රටේ විනාශය ඇතිකළ ආකාරයෙන්ම රනිල් ලවාත් තවත් විනාශයක් කරන්න කපුටා සූදානම් වෙනවා කියලා නේද හිතන්නේ? ගම්මන්පිල කියන්නා සේ ජනාධිපතිවරණය අවසන් වෙලා බැනුම් අහමින් ඉන්නවාද? නැත්නම් 2048 නිදහසේ සියවසේදී සංවර්ධිත රටක් දැකලා හෝ සංවර්ධනය වෙමින් තියෙනවා දැකලා සතුටු වෙනවාද කියලා තීරණය ගැනීම කරන්න (ගතයුතු තීරණ දෙකයි තියෙන්නේ රාජපක්ෂ පරම්පරාවේ සංවර්ධනයද? නැත්නම් රටේ සංවර්ධනයද? කළයුත්තේ කුමක්ද තීරණය කරන්න...)
134 ට දැන් සැපයි ද...? තමුන්නැහැලා නේද හොඳයි කියලා පත්කර ගත්තේ.. දැන් පොහොට්ටුව සම්පූර්ණයෙන්ම රනිල් අතේ...!
ඔය දඟලන්නේ පාර්ලිමේන්තුවේ ආසන කීපයක් අරන් රනිල් එක්ක කේවල් කරන්න.
69 ලක්ෂයේ ජනවරම පාවාදීමේ සහ 69 ලක්ෂයේ ජනතා අපේක්ෂා පාවාදීමේ ප්‍රතිඵල නේද මේ..?
රටම හොරාකාලා කාබාසිනියා කරපු දූෂිතයෙක් කියන විදියට වැඩ කරන්ඩ රනිල් රූකඩයක් නෙවෙයි නේ? අධිකරණයෙන් පවා වැරැදි කරුවන් වෙච්චි, ජනතාව පන්නපු දූෂිත පවුල් පාලනේ අයව රකින එකම මදිද?
ඔයා පිස්සු කියවන්න එපා මල්ලී.. ශ්‍රී ලංකාවේ අටවන විධායක ජනාධිපති ලෙස ආතල් ගන්න මට ඉතුරුවෙලා තියෙන්නේ තව මාස පහයි. ඒ ආතල් එකට කෙලින්නද ඔයා හදන්නේ?
අවුරුදු දෙකක් යන්න කලින් ගුටිකාලා දුවපු හැටි අමතකයි කපුටාටයි, මයිනාටයි. නැව්වල, මහ මුහුදේ, හමුදා කඳවුරු ඇතුලේ හැංගිලා හිටපු හැටි අමතකයි මයිනාටයි, කපුටාටයි. මේ සැරේත් කඩාකප්පල් කළොත් හිරේ ගිහින් තමයි නවතින්නේ.. කපුටා නම් සුපුරුදු ලෙස ඇමරිකාවට පැනලා යයි.
ඔබලා මෙච්චර කල් අපේ ඡන්දේ අරන් අපිටම කෙලියානේ.. කැස්බෑව, මහරගම වගේ ආසන කවදාවත් ශ්‍රි ලංකා නි.ප හෝ පොහොට්ටුව පැරැදිලා නෑනේ... මේ පාර තියපන්කෝ ඕනෑ ඡන්දයක් මොකද වෙන්නේ බලන්න...
උත්තර දෙන්නේ මොන එහෙකටද? ඔච්චර බේරිලා ඉන්න දී ඇති සහනය මදිද?
අනේ නිකන් නාඩගම්.පුලුවන්නම් මොනවාහරි චන්දයක් තියන්න