
(විමුක්ති එස් රුද්‍රිගු)
ව්‍යස්ථාදායක බහුතරය නොමැතිව තායිවාන ජනාධිපති ධුරය බාර ගැනීමට ලායි චින්ග් ටේ සූදානම් වෙද්දී එරට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ පිළිබඳව ඇතිවූ මතභේදාත්මක තත්වයක් හේතුවෙන් මන්ත්‍රීවරුන් කෑ ගසමින්, එකිනෙකා තල්ලු කර ගනිමින් සහ එකිනෙකාට පහර දෙමින් කලහකාරී ලෙස හැසිරී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ පිළිබඳ ඡන්ද විමසීම ආරම්භ වීමටත් ප්‍රථමයෙන් මෙම කලහකාරී තත්වය තායිවාන පාර්ලිමේන්තුවේ හටගෙන තිබේ. එම අවස්ථාවේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කතානායක අසුන වට රොක් වී ඇති අතර ඇතැම් මන්ත්‍රීවරුන් තම සහෝදර මන්ත්‍රීවරුන් බිමට ඇද දමා තිබේ.
ජනවාරි පැවැති ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කළ ලායි චින්ග් ටේ එළඹෙන 20 වැනිදා තායිවාන ජනාධිපති ධුරයේ වැඩ බාර ගැනීමට නියමිත නමුත් ඔහු නියෝජනය කරන ඩී.පී.පී පක්ෂයට පාර්ලිමේන්තුව තුළ බහුතරය අහිමි විය.
තායිවාන විපක්ෂයට රජයට වඩා පාර්ලිමේන්තුවට වැඩි බලයක් ලබා දීමට අවශ්‍ය වීම ගැටුම ආරම්භවීමට හේතු වී තිබේ.එහිදී පාර්ලිමේන්තුව තුළ අසත්‍ය ප්‍රකාශ ලබා දෙන මන්ත්‍රීවරුන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට බලය ලබා දීමේ යෝජනාවක්ද ඉදිරිපත් වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ පැත්තේ කට්ටිය මේ පැත්තේ එහෙම සංචාරය කළාද ළඟකදී? මේ පැත්තෙන් ආදර්ශ අරගෙන වගේ...?
බලාගෙන ගියාම මෙහෙ වගේමයි... එහෙත් කිසිම වෙනසක් නැහැ.
මිරිස් කුඩු ගහලා තව මොකුත් කරලාද? ඒ ටිකත් හොයලා බලලා දාන්න...
අයියෝ ඕකට ගුටි ඇනගන්න ඕනි නැහැ.ලංකාවේ ලොක්කන්ගෙන් ඇහුවානම් බලය ගන්න ඕනි කපටි මාර්ග කියලා දෙයි නේ