වෙනිසියුලාවේ විපක්ෂයට ප්‍රංශ ජනපති සහය පළකරයි වෙනිසියුලාවේ විපක්ෂයට සහාය පළ කරන බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් මහතා පැවැසීය. 24 January 2019
දේශපාලන අර්බුදය විසඳා ගන්නැයි ගුටරෙස් වෙනිසියුලාවෙන් ඉල්ලයි දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා කඩිනමින් පියවර ගන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා අද (24) වෙනිසියුලාවෙන් ඉල්ලා සිටියේය. 24 January 2019
ට්‍රම්ප් වෙනිසියුලාවේ ජනපති ලෙස ග්වායිඩෝව පිළිගනී වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස විපක්ෂ නායක ජුවාන් ග්වායිඩෝ මහතාව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් පිළිගෙන තිබේ. 24 January 2019
ෆ්ලොරීඩා ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් 5 ක් මරුට ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ සෙබ්රින්ග් නගරයේ බැංකුවක සිදුවූ වෙඩි තැබීමකින් පස්දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 24 January 2019
වෙනිසියුලාවේ හතරදෙනෙක් ඝාතනයට ලක්වේ වෙනිසියුලාවේ රජයට විපක්ෂ කණ්ඩායම් විසින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කරමින් තිබියදී හතරදෙනකු ඝාතනයට ලක්වී ඇතැයි වාර්තා වේ. 23 January 2019
රුසියානු යුද ගුවන් යානයක් අනතුරට ලක්වී දෙදෙනෙක් මරුට රුසියාවේ වයඹදිග මර්මන්සාක්හිදී බෝම්බ හෙළන සුපර්සොනික් වර්ගයේ යානාවක් අනතුරට පත්වීමෙන් එහි කාර්ය මණ්ඩලයේ දෙදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 23 January 2019
සිම්බාබ්බේ විරෝධතාකරුවන්ට දුන් වද හිංසාවලට හමුදාවට චෝදනා සිම්බාබ්බේ ඉන්ධන මිල වැඩිකිරිමට එරෙහිව විරෝධතාවල නිරත පුද්ගලයන්ව එරට හමුදාව සිතාමතාම පීඩාවට ලක්කර ඇතැයි ආණ්ඩුව පත් කළ මානව හිමිකම් කමිටුව ප්‍රකාශ කරයි. 23 January 2019
ඩ්‍රෝන යානා නිසා ඇමරිකාවේ ගුවන්තොටුපොළක ගුවන් ගමන්වලට බාධා ඇමරිකාවේ නෙවාර්ක් ජාත්‍යන්තර ගුවන් තොටුපල ආසන්නයෙන් ඩ්‍රෝන යානා දෙකක් දර්ශනය වීම හේතුවෙන් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ බව වාර්තා වේ. 23 January 2019
සිම්බාබ්බේ ජනපති යුරෝපා සංචාරය අතහරී සිය රට තුළ ඇතිවූ ප්‍රචණ්ඩකාරි විරෝධතා උත්සන්න වීම හේතුවෙන් සිම්බාබ්බේ ජනාධිපති එමර්සන් මැනන්ගාවා මහතා යුරෝපා සංචාරය අතහැර දමා ආපසු පැමිණ ඇති බව වාර්තා වෙයි. 22 January 2019
සීනායි අර්ධද්වීප ගැටුම්වලින් 7 ක් මරුට ඊජිප්තු සිනායි අර්ධද්වීපයේ මෑතකාලීන මෙහෙයුම් වලදී සන්නද්ධ සටන්කරුවන් සමඟ ඇතිවූ ගැටුම් වලින් ආරක්ෂක නිලධාරියකු ඇතුළු අඩුම තරමින් හත් දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 22 January 2019
පකිස්ථානයේ සිදු වූ රිය අනතුරකින් 26 ක් මරුට පකිස්ථානයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 26 දෙනෙක් මිය ගොස් ඇත. 22 January 2019
ක්‍රෙච් සමුද්‍ර සන්ධිය ආසන්නයේ නෞකා දෙකක් ගිනි ගැනීමෙන් 10 ක් මරුට ක්රිමියාව ආසන්නයේ ක්‍රෙච් සමුද්‍ර සන්ධියේදී නෞකා දෙකක් ගිනි ගැනීම හේතුවෙන් මියගිය 10 දෙනකුගේ සිරුරු සොයාගෙන ඇත. 22 January 2019
ඉන්දුනීසියාවේ භූ කම්පනයක් ඉන්දුනීසියාවේ රාබා නගරයට රික්ට(ර්) මාපක 6.1 ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 22 January 2019
ලොව ධනවත්ම පුද්ගලයන් 26 දෙනාගේ වත්කම දුප්පතුන් කෝටි 380 ගේ වත්කමට සමානයි ලෝකයේ ධනවත්ම පුද්ගලයන් 26 දෙනා සතු ධනය ලෝක ජනගහනයෙන් දුප්පත්ම පිරිසෙන් අඩක් වන කෝටි 380කගේ වත්කමට සමාන යැයි ‘ඔක්ෆෑම්’ සංවිධානය අද (21) ප්‍රකාශ කළේය. 21 January 2019
මැසඩෝනියාවේ නම වෙනස් කිරීමට විරෝධය මැසඩෝනියාවේ නම වෙනස් කිරීම සම්බන්ධයෙන් ග්‍රීසියේ ආණ්ඩුවට එරෙහිව විපක්ෂ කි‍්‍රයාකාරීන් ඇතෑන්ස් නුවර විරෝධතාවයක් ආරම්භ කර ඇත. 21 January 2019
චීනය පසුගිය වසරේදී පහළම ආර්ථික වර්ධන වේගය වාර්තා කරයි දශක තුනකට පසු පසුගිය වසරේදී චීනය ඉතිහාසයේ වාර්තා කළ පහළම ආර්ථික වර්ධන වේගය වාර්තා කර ඇතැයි එරට නිල දත්ත වාර්තා සඳහන් කරයි. 21 January 2019
ලොව වයස්ගතම පුද්ගලයා මිය යයි ජපානයේ ජීවත්වූ ලොව වයස්ගතම පුද්ගලයා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 21 January 2019
ඊශ්‍රායලයේ ප්‍රහාර වලින් සිරියානු ජාතිකයින් දෙදෙනකු ඇතුළු 11 ක් මරුට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් සහ මිසයිල ප්‍රහාරවලින් සිරියානු ජාතිකයන් දෙදෙනකු ඇතුළුව 11 දෙනකු මියගොස් ඇතැයි මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානය සඳහන් කරයි. 21 January 2019
ත්‍රස්ත ප්‍රහාරයකින් සාම සාධක හමුදාවේ 10 ක් මරුට මාලි රාජ්‍යයේ, නාදුනන තුවක්කු කරුවන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ දස දෙනෙක් මිය ගොස් ඇත. 21 January 2019
බොලිවියාවේ බස්රථ දෙකක් එකිනෙක ගැටීමෙන් 22 ක් මරුට බොලිවියාවේ බස්රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 22 මියගොස් තවත් 37 දෙනෙක් තුවාල ලබා ඇත. 21 January 2019
පිලිප් කුමරුට පොලිසියෙන් අනතුරු ඇඟවීමක් පිලිප් කුමරු සෙනසුරාදා දිනයේදී ආසන පටි නොපැළඳ ලෑන්ඞ් රෝවර් රථයක් ධාවනය කරන අයුරු දක්වෙන ඡායාරූප කිහිපයක් පුවත්පත්වල පළ වී තිබිණි. කෙසේ නමුත් එම ඡායාරූප ගෙන තිබුණේ නෝෆෝක් හි පිහිටි සැන්ඩ්රින්ගම් රාජකීය නිවාස ආසන්නයේදීය. පිලිප් කුමරු මහාමාර්ගයක ආසන පටි පළඳින්නේ නොමැතිව රිය ධාවනය කර නැතැයි ද දැනගන්නට ලැබිණි. 21 January 2019
ලියාම් ෆොක්ස්ගෙන් තදබල ප්‍රකාශයක් යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය කොල්ල කෑමට පාර්ලිමේන්තුවට කිසිදු අයිතියක් නැතැයි බ්‍රිතාන්‍යයේ වෙළෙඳ අමාත්‍ය ලියාම් ෆොක්ස් අද (20) පැවැසීය. 20 January 2019
ඕස්ට්‍රේලියාවේ කාන්තාවෝ ආරක්ෂාව වෙනුවෙන් පෙළපාලි යති තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කරන ලෙස ඉල්ලා සිටිමින් ඕස්ට්‍රේලියාවේ දහස් ගණනක් කාන්තාවන් ප්‍රධාන නර වලට රැස්වී සිටියහ. 20 January 2019
ප්‍රංශයේ කොර්ච්වෙල්හි ගිනිගැනීමකින් දෙදෙනකු මියගොස් 14දෙනකු තුවාල ප්‍රංශයේ කොර්ච්වෙල්හි මහල් කිහිපයකින්යුත් අවන්හලක සිදුවූ ගිනිගැනීමකින් දෙදෙනකු මියගොස් 14දෙනකු තුවාල ලබා ඇත. 20 January 2019
උතුරු අයර්ලන්තයේ අධිකරණ සංකීර්ණයක් අසළ පිපිරීමක් අයර්ලන්තයේ ලොන්ඩොන්ඩරිහි අධිකරණ සංකීර්ණය ආසන්නයේ මෝටර් රථයක් තුළ බෝම්බයක් පිපිරී ඇති බව වාර්තා වේ. 20 January 2019
චිලී රාජ්‍යයේ භූ කම්පනයක් චිලි රාජ්‍යයේ උතුරු මැද ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 6.7 ක භූ කම්පනයක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 20 January 2019
මෙක්සිකෝවේ ඉන්දන නලයක් පිපිරීමෙන් 73 දෙනෙක් මියයති මෙක්සිකෝවේ හිදල්ගෝ ප්‍රාන්තයේ ඉන්දන නලයක් පිපිරීමෙන් 73 දෙනෙක් මිය ගොස් 76 දෙනෙක් බරපතල ලෙස පිලිස්සී ඇත. 20 January 2019
කොරල්පර නිරීක්ෂණයට මෘදුකාංගයක් සාගර පතුලේ ඇති කොරල්පරවල ජීවී තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා භාවිත කළ හැකි මෘදුකාංගයක් ලෝක වනසත්ත්ව අරමුදල විසින් හඳුන්වා දී ඇත. 20 January 2019
තායිලන්තයේදී බෞද්ධ භික්ෂූන් දෙදෙනකු ඝාතනය කෙරේ තායිලන්තයේ දකුණුදිග නරතිවට් පළාතේදී නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් බෞද්ධ භික්ෂූන් දෙදෙනකු ඝාතනය කර තවත් දෙදෙනකුට තුවාල සිදුකර ඇත. 19 January 2019
තෙල් නළයක් පිපිරීමෙන් 21දෙනකු මරුට මෙක්සිකෝවේ හිඩල්ගෝ ප්‍රාන්තයේ තෙල් නළයක් පිපිරීමෙන් 21දෙනකු පමණ මියගොස් 71කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 19 January 2019
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026