මියන්මාරයේදී අත්අඩංගුවට ගෙන සිරගත කරන ලද රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනා දින 500කට පසු අද (07) යැන්ගොන් අධිකරණයේදී නිදහස් කර ඇත.
මෙලෙස නිදහස් කරනු ලැබුවේ 33 හැවිරිදි වා ලෝන් සහ 29 හැවිරිදි ක්යාව් සෝ ඌ නම් මාධ්‍යවේදීන් දෙදෙනාය.
රෝහින්ග්‍යා අර්බුදය වාර්තා කිරීම සම්බන්ධයෙන් මියන්මාර නිල රහස්‍ය පනත යටතේ චෝදනා ඉදිරිපත් කරමින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණු අතර යැන්ගුන් නගර ආසන්න බන්ධනාගාරයක සිරගත කරනු ලැබ සිටියහ.
එම චෝදනාවන්ට ඔවුන් වරදකරු බව අධිකරණය විසින් තීන්දු කළ අතර ඔවුන්ට අවුරුදු හතක සිර දඬුවමක් නියම විය.
කෙසේ වුවද මේ සිද්ධියත් සමඟ මියන්මාරයේ මාධ්‍ය නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව බොහෝ විවේචන එල්ල විය.
මියන්මාරයට නව වසර උදාවත් සමඟ වාර්ෂික පොදු සමාව යටතේ සිරකරුවන් නිදහස් කරන අතර මාධ්‍යවේදීන් දෙදෙනාට ද එලෙස නිදහස ලැබිණි.
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනාට නිදහස