තුර්කියට වයඔ දිගින් වෙරළ ආසන්නයේදී සරණාගතයින් රැගත් බෝට්ටුවක් පෙරළී යෑමෙන් නවදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 

බලධාරීන් පවසන්නේ මියගිය අය අතර කුඩා දරුවන් පස් දෙනකු ද සිටින බවයි.

බෝට්ටුවේ 17දෙනකු ගමන්කර ඇති බවත් පස්දෙනකු මුදවාගත් බව තුර්කි වෙරළාරක්ෂක භටයෝ පවසති.

තිදෙනකු අතුරුදන්ව ඇති බවත් ඔවුන් අතර සරණාගත වෙළඳාමේ යෙදෙන ජාවාරම්කරුවකු ද සිටින බවටත් තොරතුරු වාර්තා වී ඇත.

මොවුන් සොයා දැවැන්ත මෙහෙයුමක් දියත්කර ඇති බවද පැවසේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)