ප්‍රංශයේ පැරිස් නුවර මැයිදින පෙලපාලිවල කලහකාරීව හැසිරුණු පිරිස් වෙත ප්‍රංශ පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.

සෑම වර්ෂයකම දහස් ගනන් පිරිස් මැයිදින පෙලපාලි සඳහා පැරිස් නුවරට රැස්වන අතර මෙවර පෙලපාලිය ආරම්භ වීමට පෙර කලහකාරී තත්ත්වයක් වාර්තා වූ බව බලධාරීහු පවසති.

විරෝධතාකරුවන් පොලිසිය වෙත ගල් ප්‍රහාර එල්ල කළ බවද සඳහන් වේ.

මුහුනු ආවරන, හිස් ආවරන සහ කහකබා පැළඳ සිටි පිරිස් පෙලපාලියේ දක්නට ලැබුනු බව මාධ්‍ය වාර්තා කර ඇත.

කලහකාරීව හැසිරුණු 200ක පමණ  පිරිසක් ප්‍රශ්න කිරීම සඳහා රැගෙන ගිය බව පොලිසිය පවසයි.

(සීඑන්එන් පුවත් ඇසුරිනි - 085)