රුසියාවේ මොස්කව් නුවර ශර්මටියෙවෝ ගුවන්තොටුපලේදී හදිසි ගොඩබැස්වීමක් සිදු කිරීමට ගිය ගුවන්යානයක් ගිනිගැනීම හේතුවෙන් 41දෙනකු පමණ මියගොස් ඇත.
මියගිය අය අතර දරුවන් දෙදෙනකු ද සිටින බවත් තුවාල ලැබූ හයදෙනකු රෝහල් ගතකල බවත් සෞඛ්‍ය බලධාරීහු පවසති. තුවාල ලැබූවන්ගෙන් තිදෙනකු බරපතල තත්ත්වයේ පසුවන බව වාර්තා වේ.
අනතුරට ලක්වී ඇත්තේ රුසියාවේ ජාතික ගුවන් සේවය වන ඒරොෆ්ලොට් ගුවන් සේවයට අයත් යානාවකි.
රුසියාවේ මර්මන්ස් නගරයට ගමන් කිරීම සඳහා ගුවන් ගතවී සුළු මොහොතකින් තාක්ෂණික දෝශයක් ඇතැයි දැනගන්නට ලැබුණු බවත් යානය නැවත ශර්මෙටියෙව් ගුවන් තොටුපලට හැරවීමට උපදෙස් දුන් බවත් ගුවන්තොටුපල බලධාරීහු පවසති.
යානයේ මගීන් 78දෙනකු සහ කාර්යමණ්ඩලයේ පස් දෙනකු ගමන් කර ඇත.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd