නයිජීරියාවේ උතුරුදිග කඩුනා නගරයේදී කප්පම්කරුවන් පිරිසක් විසින් පැහැරගත් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක සහ නයිජීරියානු ජාතිකයෙකු මරාදමා ඇතැයි වාර්තා වේ.
ලාගෝස් නගරයේ සිට සංචාරය සඳහා පැමිණි කාන්තාවක් මෙලෙස මරා දමා ඇති අතර පැහැරගෙන යෑමට පෙර ඇය සාදයක් සඳහා සහභාගි වී ඇති බව පැවසේ.
මීට අමතරව තවත් තිදෙනෙකු පැහැරගෙන ගොස් ඇති බව බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය සහ නයිජීරියානු පොලිසිය පවසයි.
කප්පම් ගැනීම සඳහා නයිජීරියාවේ මෙවැනි පැහැරගැනීම් බහුලව සිදුවන අතර විදේශිකයින් මෙන්ම ස්වදේශිකයින් ද මෙලෙස පැහැර ගන්නා බව මාධ්‍ය වාර්තා කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd