IMG-LOGO

උතුරු කොරියානු ජනපති රුසියාවේ සංචාරයක

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්   මහතා සංචාරය සඳහා රුසියාවට ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
රුසියානු ජනපති ව්ලද්මිර් පුටින් මහතා සමඟ සිය ප්‍රථම සාකච්ඡාව පැවැත්වීම සඳහා උතුරු කොරියානු නායකයා රුසියාවට ගොස් ඇති බව සඳහන් වේ.
 
ඇමරිකානු ජනපති හා උතුරු කොරියානු ජනපති අතර සාකච්ඡා බිඳ වැටීමෙන් පසු මෙම සාකච්ඡා සඳහා දින නියම කෙරිණි.
 
මෙහිදී දෙරට අතර න්‍යෂ්ටික ප්‍රතිපත්තිය සම්බන්ධව ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇති නමුත් දෙපාර්ශවයේම න්‍යායපත්‍ර වල බොහෝ නොගැළපීම් තිබෙන බව මාධ්‍ය වාර්තා කර ඇත.
 
සෝවියට් දේශය, උතුරු කොරියාවේ ප්‍රධාන මිතුරු රටක් වන අතර ආධාර, සංස්කෘතික හුවමාරු සහ ආර්ථික සහයෝගිතා මගින් දෙරට අතර දැඩි සබඳතා පවතී.
 
දෙරට නායකයින් අතර අවසන් වරට සම්මුඛ සාකච්ඡාවක් පවත්වා ඇත්තේ 2011 වසරේදී වන අතර ඒ සාකච්ඡාව පැවතියේ කිම් මහතාගේ පියා වන කිම් ජොන් ඉල් මහතා හා එවකට රුසියානු ජනපති දිමිත්‍රි මෙන්ඩයෙව් මහතා අතර ය.
 
(බිබිසි ඇසුරිණි - 085)



අදහස් (0)

උතුරු කොරියානු ජනපති රුසියාවේ සංචාරයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1398 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 516 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 597 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site