ඇප කොන්දේසි කඩකිරීම හේතුවෙන් විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජේට බ්‍රිතාන්‍ය අධිකරණය මගින් සති 50ක සිර දඬුවමක් නියම කර ඇතැයි වාර්තා වේ.
47 වියැති ජුලියන් අසාන්ජේ ඉහත චෝදනා මත පසුගිය මාසයේදි ඉක්වදෝර තානාපති කාර්යාලයේ සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය. ඉක්වදෝරය හදිසියේම අසාන්ජේගේ සරණාගත භාවය අහෝසි කිරීමත් සමඟ මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.
ඇමරිකානු යුද රහස් තොරතුරු සිය වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කිරීම හේතුවෙන් ඇමරිකානු රජය අසාන්ජේ අත්අඩංගුවට ගැනීමට බලාපොරොත්තුවෙන් සිටියි.
බෙල්මාෂ් අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිට අසාන්ජේ අධිකරණ භූමියට රැගෙන එනවිට දෙස් විදෙස් වාර්තාකරුවන් විශාල පිරිසක් අධිකරණ භූමියේ රැඳී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඔවුන් අධිකරණ ශාලාවට ඇතුළුවීමේ අවසරපත්‍ර ලබාගැනීම සඳහා පැය දෙකකට අධික කාලයක් පෝලිමේ රැඳිසිටි බවද සඳහන් වේ.
(බීබිසී පුවත් ඇසුරිනි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd