IMG-LOGO

ෆානි සුළි කුණාටුවෙන් ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයට බරපතල හානි

ෆානි සුළි කුණාටුවෙන් අද(03) ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයේ තිදෙනෙකු මියගොස් බොහෝ දේපල හානි සිදුවී ඇතැයි වාර්තා වේ.
 
පැයට කිලෝමීටර් 200ක වේගයෙන් සුළං හමාගිය බව කාලගුණ අංශ සඳහන් කරයි. 
 
නැගෙනහිර ඔරිස්සා ප්‍රාන්තයේ මිලියනයක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇත.
 
ගුවන් සේවා, දුම්රිය ගමනා ගමනය ඇතුළු සියලු ප්‍රවාහන සේවා අත්හිටුවා ඇත.
 
ඔරිස්සා ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 15කට සුළි සුළං බලපැවැත්වෙනු ඇතැයි බලධාරීන් අනතුරු අඟවා තිබේ. 
 
ඔරිස්සා ඉන්දියාවේ දරිද්‍රතාව වැඩිම ප්‍රාන්තයයි.
 
ඉරිදා(05) වනවිට සුළි කුණාටුව දුර්වල වනු ඇතැයි කාලගුණ අංශ පවසයි.
 
(බීබීසී ඇසුරිනි - 085) 



අදහස් (3)

ෆානි සුළි කුණාටුවෙන් ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයට බරපතල හානි

chandima Friday, 03 May 2019 12:16 PM

ගහ කඩාවැටිලා තියෙන්නේ වැසිකිලියක් උඩට නම් වැසිකිලි කැඩුණාට ඒ තරම් බරපතල හානියක් නැහැ. සල්ලි දිලාවත් වැසිකිලි පාවිච්චි නොකරන නිසා. බලන්න රේල්පාරවල් කැඩිලද කියලා? එහෙම නම් ඔන්න බරපතල හානියක් තමයි...

:       1       24

hira Friday, 03 May 2019 12:32 PM

දෙවියන් වහන්සේගේ කැමැත්ත. හැමදෙයක්ම ඔහුගේ නිර්මාණයන්ය.

:       4       14

john Saturday, 04 May 2019 03:28 PM

ඔය කියන දේවිය කොහිද හිටියේ? පුංචි ළමයින් බෝම්බ වලට හසුවී පල්ලි තුළදී හා හෝටල් තුලදී මිය යනවිට...

:       14       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1397 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 516 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 597 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site