2017 වර්ෂයේදී සිරියාවේ රක්ඛා නගරයෙන් ඉස්ලාම් ත්‍රස්ත කණ්ඩායම පලවා හැරීමට සිදුකරන ලද ගුවන් හා කාලතුවක්කු ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් 1600කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි එහි ක්‍රියාකාරී සංවිධාන පවසයි.
මේ සම්බන්ධව වාර්තා කරමින් ඇම්නෙස්ටි ජාත්‍යන්තර සංවිධානය හා එයාර්වෝස් නිරීක්ෂණ කණ්ඩායම පවසන්නේ එවන් ප්‍රහාරයන්ට ලක්වූ ස්ථාන 200ක් සෝදිසි කළ අතර මියගිය 1000ක් පමණ තොරතුරු තහවුරු කළ බවයි.
මෙම ගුවන් ප්‍රහාර සියල්ල ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ප්‍රංශය යන රටවලුන් සැදුම්ලත් ඒකාබද්ධ සංවිධානය විසින් එල්ල කර ඇති බවද ඔවුහු සඳහන් කරති.
ඔවුන් වැඩිදුරටත් පවසන්නේ ඇමරිකානු ඒකාබද්ධ සංවිධානය මෙම සංඛ්‍යාත්මක තොරතුරු දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් සිටින බවයි.
මෙම මරණ සම්බන්ධව වසර දෙකක් තිස්සේ සිදුකරන ප්‍රතික්ෂේප කිරීම අවසන් කරන ලෙස ඇම්නෙස්ටි සංවිධානය ඇමරිකා ඒකාබද්ධ සංවිධානයෙන් ආයාචනා කර ඇත.
රක්ඛා ප්‍රදේශයේ මියගියේ සාමාන්‍ය වැසියන් 318ක් බවද එම මරණ ඕනෑකමින් සිදුකරන ලද ඒවා නොවන බවද ඇමරිකානු සංවිධානය ප්‍රකාශ කර ඇත.
ඇමරිකානු අණදෙන නිලධාරීන් පවසා ඇත්තේ සාමාන්‍ය වැසියන් මියයෑම වැළැක්වීම සඳහා ගත හැකි සියලුම පූර්වෝපායන් අනුගමනය කළ බවයි.
එමෙන්ම යුධ නීතිය අනුව සියලු කටයුතු සිදු කළ බවද ඔවුහු පවසති.
(බීබිසී පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
2017 සිරියානු ප්‍රහාරයකින් 1600 ක් මියගිහින්