IMG-LOGO

කෙනත් සුළි කුණාටුවෙන් මොසැම්බික් දේශයට දැඩි හානි

මොසැම්බික් රාජ්‍යයේ උතුරුදිග ප්‍රදේශ හරහා හමා යන කෙනත් සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට තිදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 
 
නිවාස බොහෝ සංඛ්‍යාවක් විනාශ වී ඇති අතර ප්‍රදේශ ගනනාවක විදුලිය විසන්ධි වී ඇත.
 
කොමරෝස් දිවයින හරහා පැයට කිලෝමීටර් 280ක වේගයෙන් සුළං හමා ගිය අතර මෙය මෙම වසරේ මොසැම්බික් දේශයට බලපෑම් ඇති කළ දෙවන සුළි කුණාටුව වේ.
 
සන්නිවේදන සබඳතා බිඳවැටී ඇති හෙයින් තොරතුරු ලැබී නොමැති බවත් හානිය මීට වඩා බොහෝසෙයින් වැඩිවියහැකි බවත් බලධාරීහු සඳහන් කරති.
 
මොසැම්බික් රාජ්‍යයේ අගනුවර වන මපුටෝ ඇතුළු ප්‍රදේශ ගනනාවකට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ඉදිරි දින වලදී ගංවතුර තත්ත්වයක් ඇතිවියහැකි බවට ද කාළගුණ අංශ අනතුරු අඟවා ඇත.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

කෙනත් සුළි කුණාටුවෙන් මොසැම්බික් දේශයට දැඩි හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1398 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 516 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 597 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site