ෆානි සුළි කුණාටුව ඉදිරි පැය 48 ඇතුළත ඉන්දියාවේ ඊසානදිග වෙරළ තීරයෙන් ඇතුළු වීමට නියමිත බවට කාලගුණ අංශ අනතුරු අඟවා ඇති හෙයින් ඔඩිශා ප්‍රාන්තයේ දහස් ගණන් පිරිස් ඉවත් කරමින් පවතින බව වාර්තා වේ.
කුණාටුවෙන් ආරක්ෂා වියහැකි ස්ථාන වෙත ඔවුන් යොමු කරන බව බලධාරීහු පවසති. පූජනීය පූරි නගරයෙන් ඉවත්වන ලෙස සංචාරකයින්ට අනතුරු අඟවා ඇත.
සුළි කුණාටු අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය විසින් ෆානි තුන් වන වර්ගයට අයත් ප්‍රබල සුළි කුණාටුවක් ලෙස නම් කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd