නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකා වන හේලි ජෙන්සන් සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකා නිකොලා හැන්කොක් පසුගිය සතියේදී යුග දිවියට එක්වූහ.
තුන් ඉරියව් ක්‍රීඩිකාවක වන හේලි ජෙන්සන් කාන්තා බිග් බෑෂ් තරගාවලියේ පළමු අදියර දෙකේදී මෙල්බන් ස්ටාර්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ අතර තෙවැනි අදියරේදී මෙල්බර්න් රෙනගේඞ්ස් කණ්ඩායමට ක්‍රීඩා කළේය. නිකොලා ඕස්ට්‍රේලියානු පන්දුවාර 20 තරගාවලියට එක්වූ ක්‍රීඩිකාවක් වන අතර ඇය ‘ටීම් ග්‍රීන්’ කණ්ඩායම නියෝජනය කරන්නීය.

ඔවුන් දෙදෙනාගේ විවාහයේ ඡායාරූපයක් ප්‍රසිද්ධියට පත් කරමින් හේලි ජෙන්සන්ට සහ නිකොලා හැන්කොක් සුබ පැතුම් එක් කරන බව මෙල්බන් ස්ටාර්ස් කණ්ඩායම ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය. ටීම් ග්‍රීන් කණ්ඩායම ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔවුන් දෙදෙනාට සුබ පැතුම් එක් කර තිබිණි.
එන්.ඩී.ටීවී ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාපය නීති ගතකරන ලද යුගයකට ලොව එළඹ ඇත.
නව ව්‍යවස්ථාව සම්මත වුණාට පස්සේ මෙහෙත් ඔය වගේ දේවල් සුලභ වේවි...!! ඒ සඳහා ගිරිය පුප්පාගෙන කෑගහන අයගේ වුවමනාවත් මෙවැනි දේවල් කරගැනීමට වන්නට ඕනේ...
යුග දිවියක්? සමාන ලිංගිකයන් දෙදෙනෙකු අතර. විකුර්ති ආශාවන්ගේ ආරම්භය සම්මුතික ලෝකයේ අවසානය නොවේද???
බොහෝ දරුවන් සාදා චිරාත් කාලයක් වැජඹෙන්න.
ඉතින් ඊට පස්සේ ?????
විවාහය යනු ලිංගික ජීවිතය සහ දරුවන් ලෙස අර්ථගන්වන, අර්ධ ලෙස පරිණාමය උන ගෝත්‍රික මතවාදීන්ට නම් මේක පුදුමයක්, මේක මහා වරදක්.
කවුද තීරණය කලේ විවාහය සිදු විය යුත්තේ ගැහැණියෙක් සහ පිරිමියෙක් අතර කියල. අපි අපිම නීති හදාගෙන අනික් අයට ගරහනවා. ලෝකයේ සිටින හැම දෙනාටම ගෞරව කරන්න ඉගෙන ගන්න. නිකන් බොරුවට හැම දේම දන්නා අය වගේ උඩු බුරන්න එපා.
ජනහිත අනේ යන්න මෙයා
උම්මත්තකයින් මෙය සාමාන්‍ය දෙයක් ලෙස දුටුවත්, සාමාන්‍ය මිනිසුන් මෙය ප්‍රිය නොකරයි. මෙය මානසික විකෘර්තිතාවයක්. බුදු දහම අනුව යමෙක් අධික කාමාශාවෙන් ක්‍රියා කිරීමෙ ප්‍රතිඵලය විකෘති කාමාශාවන් සහිත මනසක් ඇතිව උප්පත්තියකට හේතුවයි. එවන් අයගේ මීළඟ භවය බොහෝවිට නිරයම වේ.