නයිජිරියාවේ අගනුවර වන නියාමේ නගරයේ වීදියක ගමන්ගත් ඉන්ධන පිරවූ රථයක් පිපිරීමෙන් 55දෙනකු මියගොස් ඇත.
අනතුරට ලක්වු බවුසරයෙන් කාන්දු වූ තෙල් ලබාගැනීම සඳහා බොහෝ පිරිස් එක්රැස්වී සිටි බවත් එක්වරම බවුසරය පුපුරාගොස් මහත් අනතුරක් සිදුවූ බවත් බලධාරීහු පවසති.
සිද්ධියෙන් තුවාල ලැබූ 37දෙනකු රෝහල් ගතකර ඇති අතර ඔවුන්ගෙන් කිහිප දෙනකු බරපතල තත්ත්වයේ පසුවන බව රෝහල් ආරංචිමාර්ග පවසයි. මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යෑමට ඉඩ ඇති බවද ඔවුහු පවසති.
"මෙම අනතුර සිදුවුණේ මධ්‍යම රාත්‍රියට ආසන්නව, මා ඒ අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිටියා. වේගයෙන් පැමිණි බවුසරය අනික් පැත්තට පෙරළුණා. බන්ධන ලබාගැනීම සඳහා සෑම පැත්තෙන්ම මිනිසුන් පැමිණියා. එක්වරම මා දැක්කා ගිනි ගැනීමක්, ක්ෂණයකින් පිපිරීමක් සිදුවී සියල්ල ගිනි ගත්තා " යැයි එම අවස්ථාවේ මාර්ගයේ ගමන්කරමින් සිටි සිසුවකු ප්‍රංශ පුවත් සේවයට පවසා ඇත.
(සී එන් එන් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd