නයිජිරියාවේ අගනුවර වන නියාමේ නගරයේ වීදියක ගමන්ගත් ඉන්ධන පිරවූ රථයක් පිපිරීමෙන් 55දෙනකු මියගොස් ඇත.
අනතුරට ලක්වු බවුසරයෙන් කාන්දු වූ තෙල් ලබාගැනීම සඳහා බොහෝ පිරිස් එක්රැස්වී සිටි බවත් එක්වරම බවුසරය පුපුරාගොස් මහත් අනතුරක් සිදුවූ බවත් බලධාරීහු පවසති.
සිද්ධියෙන් තුවාල ලැබූ 37දෙනකු රෝහල් ගතකර ඇති අතර ඔවුන්ගෙන් කිහිප දෙනකු බරපතල තත්ත්වයේ පසුවන බව රෝහල් ආරංචිමාර්ග පවසයි. මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යෑමට ඉඩ ඇති බවද ඔවුහු පවසති.
"මෙම අනතුර සිදුවුණේ මධ්‍යම රාත්‍රියට ආසන්නව, මා ඒ අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිටියා. වේගයෙන් පැමිණි බවුසරය අනික් පැත්තට පෙරළුණා. බන්ධන ලබාගැනීම සඳහා සෑම පැත්තෙන්ම මිනිසුන් පැමිණියා. එක්වරම මා දැක්කා ගිනි ගැනීමක්, ක්ෂණයකින් පිපිරීමක් සිදුවී සියල්ල ගිනි ගත්තා " යැයි එම අවස්ථාවේ මාර්ගයේ ගමන්කරමින් සිටි සිසුවකු ප්‍රංශ පුවත් සේවයට පවසා ඇත.
(සී එන් එන් ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 04
691
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නයිජීරියාවේ ඉන්ධන බවුසරයක් පුපුරා 55 ක් මරුට