දකුණු අප්‍රිකාවේ වෙරළබඩ පළාතක් වන කවාසුළු - නටාල්හි පෙන්තකොස්ත දේවස්ථානයක බිත්තියක් කඩා වැටීමෙන් 13දෙනකු මියගොස් 29 දෙනකු තුවාල ලබා ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ දේවමෙහෙයක් පැවැත්වෙමින් තිබී ඇති අතර එයට සහභාගි වෙමින් සිටි පිරිසක් මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
පසුගිය දින කිහිපය පුරා පැවති අධික වර්ෂාව හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
(බීබීසි ඇසුරිනි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගණන් ගන්න එපා. සියල්ල සිදුවන්නේ දෙවියන්ගේ කැමැත්තටලුනේ. පුදුම කැමැත්තක් තමා ඒක.
වඳින්න ගිය දේවාලය හිස මත කඩා වැටීම කියන්නේ මේකටයි. ඔවුන් අදහන ආගම අනුව ඔවුන් සුගතියට පත්වේවා...!