ඉන්දුනීසියාවේ ගංවතුර හා නායයෑම් හේතුවෙන් 29 දෙනකු මියගොස් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
පසුගිය දින කිහිපයේ ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර ඇතිවූ බව බලධාරීහු පවසති.
සුමාත්‍රා දිවයිනට නිරිත දිගින් පිහිටි බෙන්කුළු දූපතෙන් දැඩි හානි වාර්තා වන බවත් ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් විනාශ වී ඇති බවත් බොහෝ පිරිස් අවතැන්වී ඇති බවත් සඳහන් වේ.
අවතැන් පිරිස් රඳවා ඇති කාවකාලික රැඳවුම් ස්ථානවල රෝග පැතිරීමේ අවදානමක් ද මතුව ඇතැයි පැවසේ.
පිරිසිදු ජලය හිඟවීම හේතුවෙන් මෙම තත්ත්වය වඩාත් නරක අතට හැරී ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd