පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමක් වන ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානයේ නායක මසූද් අෂාර් ගෝලීය ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (1) පියවර ගත්තේය.
ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානයේ නායක මසූද් අෂාර් ගෝලීය ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කළේය.
එහෙත් චීනය තාක්ෂණික කරුණක් මතු කිරීම නිසා එම යෝජනාව කල් තැබිණි. චීනය තම විරෝධතා ඉවත් කරගැනීමත් සමඟ මසූද් අෂාර් ගෝලීය ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අද (1) පියවර ගත්තේය.
පෙබරවාරි 14 වැනිදා මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයේදී ඉන්දීය හමුදා රථ පෙළකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර එම ප්‍රහාරයෙන් ඉන්දීය සෙබළු 40ක් මරුමුවට පත්වූහ. ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානය එම ප්‍රහාරයේ වගකීම බාරගත්තේය. එම ප්‍රහාරය නිසා ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද්ධයක් ඇතිවීමේ අවදානමක් ද හටගත්තේය.
අල් කයිඩා සංවිධානය සමඟ සබඳකම් පැවැත්වීම මසූද් ගෝලීය ත්‍රස්තවාදියකු ලෙස නම් කිරීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.
මසූද් නායකත්වය දරන ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානය එක්සත් ජාතීන්ගේ ත්‍රස්තවාදී කණ්ඩායම් ලැයිස්තුවට ඇතුළත් කරන ලද්දේ 2001 වසරේදී ය.
මසූද් ගෝලීය ත්‍රස්තවාදියකු ලෙස නම් කිරීමත් සමඟ ඔහුගේ ජාත්‍යන්තර වත්කම් සියල්ල අත්හිටුවන අතර ගෝලීය සංචාරක තහනමක් සහ ආයුද තහනමක් ද පැනවේ.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd