බර්කිනා ෆාසෝහි පොතෙස්තන්ත්‍ර පල්ලියක සිදුකරන ලද වෙඩිතැබීමකින් හයදෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
යතුරුපැදි හතකින් පැමිණි ඝාතයන් විසින් පල්ලියේ පුජකවරයා සහ ඔහුගේ පුතුන් දෙදෙනා ද යාඥා කිරීම සඳහා පැමිණි වැසියන් තිදෙනකු ද මෙලෙස මරාදමා ඇත.
ඉරුදින පූජාව අවසානයේ මෙම වෙඩිතැබීම සිදුවූ බව පොලිසිය පවසයි.
බටහිර අප්‍රිකානු රටක් වන බර්කිනා ෆාසෝහි 2016 වර්ෂයේ සිට ජිහාදි ප්‍රචණ්ඩ ක්‍රියා පවතින නමුත් පල්ලියකට එල්ලවූ ප්‍රථම ප්‍රහාරය මෙය බව මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම ජිහාදි කණ්ඩායම් අල්කයිඩා සංවිධනය සහ අයිඑස් සංවිධානය සමග සබඳතා පවත්වන බවත් ස්වදේශීය කණ්ඩායම් වල සහාය ලැබෙන බවත් ආරක්ෂක අංශ පවසති.
(බීබිසි ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න බලන්න ඕක තමයි ගෝලීය ත්‍රස්තවාදේ. එකනේ අපේ නායකතුමා කිව්වේ විදේශ සහය අරන් ගෝලීය ත්‍රස්තවාදේ නැතිකරන්නයි අපි යන්නේ කියලා. මෙහෙ ත්‍රස්තවාදේ පස්සේ බලාගමු, ඉස්සරවෙලා ගෝලීය ත්‍රස්තවාදේ.
දවසේ කියමන මම නම් හිතන්නේ. ඕකටම තමයි කියන්නේ ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ කියලා...