ඉන්දියාවේ ඹඩිෂා ප්‍රාන්තයට මහත් විනාශයක් සිදුකළ ෆානි සුළි කුණාටුව මේ වනවිට බංගලාදේශයට ඇතුළුවී ඇති අතර සිදුවූ අනතුරු හේතුවෙන් හතර දෙනකු මියගොස් 30දෙනකුට පමණ තුවාල සිදුවී ඇතැයි වාර්තා වේ.
සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල විය හැකියැයි අනතුරු අඟවා තිබූ දිස්ත්‍රික්ක වල මිලියන 1.2ක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන වලට ඉවත් කර ඇත.
නිවාස 500කට පමණ හානි සිදුවී ඇත.
කෙසේ වුවද බංගලාදේශ කාළගුණික අංශ පවසන්නේ සුළි කුණාටුව මේවනවිට දුර්වල වෙමින් පවතින බැවින් අනතුර බොහෝසෙයින් පහව ගොස් ඇති බවයි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd