කොංගෝවේ ඉබෝලා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ප්‍රහාර කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර බුටෙන්බෝහි ඉබෝලා ප්‍රථිකාර මධ්‍යස්ථානයකට සන්නද්ධ කණ්ඩායමක් විසින් ප්‍රහාර එල්ලකර ගිනිතබා ඇති බව වාර්තා වේ. 28 February 2019
ජායිෂ් ඊ මොහම්මද් සංවිධානයේ නායකයා ගෝලීය ත්‍රස්තවාදියකු ලෙස නම් කරන්නැයි යෝජනාවක් කාශ්මීරයේ පුල්වාමාහිදී ඉන්දීය හමුදා රථ පෙළකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානයේ නායක මසූද් අෂාර් ගෝලීය ත්‍රස්තවාදියකු ලෙස නම් කරන්නැයි ඉල්ලමින් ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ප්‍රංශය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇත. 28 February 2019
ඇමෙරිකා උතුරු කොරියා සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වේ උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක ලිහිල් කිරීමට ඇමරිකාව එකඟ නොවීම හේතුවෙන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මහතා අතර පැවති සාකච්ඡා එකඟතාවයක් නොමැතිව අවසන් වී ඇතැයි වාර්තා වේ. 28 February 2019
ඉන්දීය-පකිස්තාන අර්බුදය විසඳා ගන්නැයි පෙන්ටගනය කියයි ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වී තිබෙන නොසන්සුන් තත්ත්වය තවදුරටත් උග්‍ර අතට හැරෙන්නට ඉඩ නොදී ඉක්මණින් විසඳාගන්නා ලෙස ඇමෙරිකා එක්සත් ජනපද පෙන්ටගනය අවධාරණය කර සිටී. 28 February 2019
ගුවන් අනතුරකින් නේපාල සංචාරක ඇමැති මියයයි නේපාලයේ නැගෙනහිර ටැප්ලෙජනංග් ප්‍රදේශයේදී හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් එහි සිටි නේපාල සංචාරක අමාත්‍යවරයා ඇතුළු යානයේ ගමන්ගත් හත්දෙනාම මියගොස් ඇතැයි වාර්තා වේ. 27 February 2019
කයිරෝ දුම්රිය ස්ථානයේ ගින්නකින් 20ක් මරුට ඊජිප්තුවේ අගනුවර වන කයිරෝහි ප්‍රධාන දුම්රිය ස්ථානයේ හටගත් ගින්නකින් මිනිසුන් 20 දෙනෙක් මිය ගොස් 40 ක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. 27 February 2019
ඉරාකයේ බෝම්බ පිපිරීමකින් තිදෙනෙක් මරුට ඉරාකයේ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් තිදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. 27 February 2019
සාමය පවත්වාගන්න’යි ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් ඉන්දියාවේ පුල්වමාහිදී මධ්‍යම අතිරේක පොලිස් බළකා (සීආර්පීඑෆ්) රථ පෙළකට එල්ල වූ තිරශ්චීන ත්‍රස්තවාදී ප්‍රහාරය සහ ඉන් අනතුරුව හටගත් මෑතකාලීන සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලට පත්ව සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය අද (27) නිවේදනය කළේය. 27 February 2019
මොහොමදු බුහාරි යළිත් නයිජීයාවේ ජනාධිපති ලෙස පත් වෙයි නයිජීරියා වත්මන් ජනාධිපති මොහොමදු බුහාරි මහතා නැවතත් ජනාධිපති ලෙස තේරී පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 27 February 2019
එක්සත් ජනපද හමුදා ප්‍රහාරයකින් ත්රස්තයන් 20ක් මරුට එක්සත් ජනපදය විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් අල්-ෂබාබ් ඉස්ලාම් ත්රස්තයන් 20 දෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 27 February 2019
සෝමාලියාවේ මොගඩිෂු නුවර කම්කරුවන් නවදෙනකු ඝාතනය කරයි සෝමාලියාවේ මොගඩිෂු නුවර ආසන්නයේ ගම්මානයක මාර්ග කම්කරුවන් නවදෙනකු වෙඩිතබා ඝාතනය කර ඇතැයි වාර්තා වේ. 26 February 2019
ජායිෂ් ඊ සටන්කාමීන් රැසක් ගුවන් ප්‍රහාර වලින් ජීවිතක්ෂයට පාකිස්තානයේ ඉලක්ක වෙත එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් ජායිෂ් ඊ මොහොම්මද් සංවිධානයේ සටන්කාමීන් විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉන්දියාව අද (25) ප්‍රකාශ කළේය. 26 February 2019
එක්සත් ජනපද හමුදා ප්‍රහාරයකින් අන්තවාදීයෝ 35 ක් මරුට එක්සත් ජනපද හමුදා විසින් සෝමාලියාවේදී එල්ල කළ ප්‍රහාරයකින් අන්තවාදීන් 35 දෙනෙකු ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 26 February 2019
ඉරාන විදේශ ඇමති ඉල්ලා අස් වෙයි ඉරාන විදේශ ඇමති මොහොමඩ් ජාවඩ් සරීෆ් මහතා ඔහුගේ තනතුරෙන් ඉල්ලා අස් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 26 February 2019
නවාස් ෂරීෆ්ගේ ඇප ඉල්ලීම ඉවතට සිර දඬුවම් විඳිමින් සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් ඇප ඉල්ලමින් කරන ලද අභියාචනය එරට අධිකරණයක් විසින් අද (25) ප්‍රතික්ෂේප කරනු ලැබීය. 25 February 2019
ජම්මු - කාශ්මීර ප්‍රාන්තයට දැඩි ආරක්ෂාවක් මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයේ පුල්වාමාහිදී ඉන්දීය හමුදා රථ පෙළකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු ජම්මු හා කාශ්මීර ප්‍රාන්තයේ ආරක්ෂාව දැඩි කිරීමට එම ප්‍රාන්ත ආණ්ඩුව පියවර ගෙන ඇත. 25 February 2019
ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ තීරුබදු කාල සීමාව පුළුල් කරයි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා චීනයේ තීරුබදු කාල සීමාව පුළුල් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 25 February 2019
ගුවන් යානයක් පැහැර ගැනීමට දැරූ උත්සහයක් අසාර්ථක වෙයි බංගලාදේශයේ සිට ඩුබායි දක්වා පියාසර කළ ගුවන් යානයක් පැහැර ගැනීමට දැරූ උත්සහයක් අසාර්ථක වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 25 February 2019
ට්‍රම්ප් සමඟ සාකච්ඡාවට කිම් ජොන් වියට්නාමයට කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ පැවැත්වෙන දෙවැනි සාකච්ඡාවට සහභාගී වීමට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් වියට්නාමයේ හැනෝයි නුවර බලා අද (24) ගමන් ඇරඹීය. 24 February 2019
ඉන්දීය රජය ගන්න තීන්දුවට ගරු කරනවා - විරාත් කෝලි ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්තානය සමඟ පැවැත්වෙන තරගය වර්ජනය කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අනුගමනය කරන්නේ ඉන්දීය රජය ගන්න තීන්දු තීරණ යැයි එම ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි පැවැසීය 24 February 2019
වෙනිසියුලාවේ ගැටුම් වලින් දෙදෙනෙක් මියයති වෙනිසුවේලාවේ කොළොම්බියා හා බ්‍රසීල දේශසීමා ආසන්න නගර වල ඇතිවූ විරෝධතා හේතුවෙන් මේ වනවිට දෙදෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 24 February 2019
පාකිස්තානයට ගලායන ගංඟා ජලය සීමා කරයි පාකිස්තානයට ගංඟා ජලය ගලා යෑම සීමා කිරීමට සැලසුම් කර ඇතැයි ඉන්දීය අමාත්‍යවරයෙක් පැවැසීය. 22 February 2019
ජපානයේ භූ කම්පනයක් ජපානයේ උතුරු හෝකැඩිඩෝ දූපතේ රිච්ටර් පරිමාණයෙන් 5.8 ක භූමි කම්පාවක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 22 February 2019
පකිස්ථානයේ ගංවතුරෙන් 26 දෙනෙක් මිය යති ගංවතුර ගැලීම්, අධික වර්ෂාපතනය නිසා පකිස්ථානයේ පුද්ගලයන් 26 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 22 February 2019
අවසන් අයි එස් පාලන ප්‍රදේශයෙන් සිවිල් වැසියන් පිරිසක් මුදා ගැනේ ඉස්ලාමීය රාජ්‍ය සටන්කාමීන්ගේ පාලනයේ පවතින සිරියාවේ අවසාන ප්‍රදේශයේ සිටින සිවිල් වැසියන් පිරිසක් මුදා ගැනීමට සමත් වී ඇත. 21 February 2019
තායිවාන ජනාධිපතිනි නැවත ජනාධිපතිවරණයට 2020 පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන බව තායිවාන වත්මන් ජනාධිපතිනි සායි යින් වෙන් මහත්මිය පැවසුවාය. 21 February 2019
නයිජීරියාවේ ගැටුම්වලින් 130දෙනෙක් මරුට නයිජීරියාවේ ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව 130 කට වඩා වැඩිවිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 21 February 2019
බෙදුම්වාදීන්ට - විපක්ෂ ක්‍රියාකාරීන්ට ලබාදුන් ආරක්ෂාව ඉවත්කරගනී බෙදුම්වාදී නායකයන් 18 දෙනෙකුට සහ විපක්ෂ ක්‍රියාකාරීන් 155 දෙනෙකුට ලබාදී තිබූ ආරක්ෂාව ඉවත්කර ගැනීමට ඉන්දියාවේ ජම්මු කාශ්මීර ප්‍රාන්තය තීරණය කර ඇත. 21 February 2019
ඇෆ්ගනිස්තානය පාකිස්තාන තානාපතිවරයා කැඳවයි කාශ්මීර ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාව ප්‍රචණ්ඩකාරී පිළිවෙතක් අනුගමනය කළහොත් ඇෆ්ගන් සාම සාකච්ඡාවලට එම නිසා බලපෑමක් සිදුවනු ඇතැයි යනුවෙන් කරන ප්‍රකාශයක් නිසා ඇෆ්ගනිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශය අද (20) එරට සිටින පාකිස්තානය තානාපතිවරයා කැඳවා කරුණු විමසා ඇතැයි වාර්තා වේ. 20 February 2019
සෞදි ඔටුන්න හිමි කුමරු ඉන්දියාවේ ආයෝජනය කිරීමට සූදානම් ඉන්දියාව තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 100කට වැඩි ආයෝජන අවස්ථා තිබෙන බවත් ඒවායේ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන බවත් සෞදි අරාබියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු අද (20) පැවැසීය. 20 February 2019
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026