යේමනයේ ඒඩ්න්හි හමුදා භටයින් පිරිසක් වෙත එල්ල කරන ලද ප්‍රහාරයකින් 30 දෙනෙක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයකින් මෙම පිරිස මියගොස් ඇති අතර හවුති සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබේ.

එහිදී යුද හමුදා අණදෙන නිලධාරීයෙකුද මියගොස් ඇති බව බලධාරීහු පවසති. හමුදා පෙළපාලියක් පැවැත්වෙන අවස්ථාවක මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

ප්‍රහාරය පිටුපස ඉරානය සිටින බවට යේමන අගමැතිවරයා සහ සවුදි අරාබි නියෝජිතයින් චෝදනා කර ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)