දිල්ලි පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් ‘නවි මුම්බායයි’ නගරයේ දී කන්ටේනරයක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 130ක් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අනුව සති දෙකක් ඇතුළතදී අත්අඩංගුවට ගත් සම්පූර්ණ මත්ද්‍රව්‍ය තොගය කිලෝග්‍රෑම් 330ක් යැයි ද ඉන්දීය බලධාරීහු ප්‍රකාශ කළහ.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 520ක් බවත් සම්පූර්ණ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 1,320ක් බවත් විශේෂ පොලිස් කණ්ඩායම මෙහෙයවූ දිල්ලි පොලිසියේ නියෝජ්‍ය කොමසාරිස් මනිසි චන්ද්‍රා පැවැසීය.
“ඇෆ්ගනිස්තානයේ හෙරත් සිට තමයි මේ මත්ද්‍රව්‍ය තොගය ඇවිල්ලා තියෙන්නේ. ඇෆ්ගනිස්තානයෙන් එවන ලද මේ මත්ද්‍රව්‍ය තොගය ඉරානයේ බන්දාර් අබ්බාස් හරහා මුහුදු මාර්ගයෙන් මුම්බායි නුවරට පැමිණ තිබෙනවා” යැයි මනිසි චන්ද්‍රා කීවේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ගෝලීය නිරීක්ෂණ සහ නීති ආයතනවලට අනුව ජාත්‍යන්තර වෙළෙඳපොලේ හෙරොයින් කිලෝග්‍රෑමයක මිල ඉන්දීය රුපියල් කෝටි 40 ත් 80ත් අතර පවතින බව පැවසේ.
හින්දුස්තාන් ටයිම්ස් ඇසුරිනි
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd