IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


මුම්බායිහී කන්ටේනරයක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 130 ක්

දිල්ලි පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් ‘නවි මුම්බායයි’ නගරයේ දී කන්ටේනරයක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 130ක් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අනුව සති දෙකක් ඇතුළතදී අත්අඩංගුවට ගත් සම්පූර්ණ මත්ද්‍රව්‍ය තොගය කිලෝග්‍රෑම් 330ක් යැයි ද ඉන්දීය බලධාරීහු ප්‍රකාශ කළහ. 

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 520ක් බවත් සම්පූර්ණ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 1,320ක් බවත් විශේෂ පොලිස් කණ්ඩායම මෙහෙයවූ දිල්ලි පොලිසියේ නියෝජ්‍ය කොමසාරිස් මනිසි චන්ද්‍රා පැවැසීය. 

“ඇෆ්ගනිස්තානයේ හෙරත් සිට තමයි මේ මත්ද්‍රව්‍ය තොගය ඇවිල්ලා තියෙන්නේ. ඇෆ්ගනිස්තානයෙන් එවන ලද මේ මත්ද්‍රව්‍ය තොගය ඉරානයේ බන්දාර් අබ්බාස් හරහා මුහුදු මාර්ගයෙන් මුම්බායි නුවරට පැමිණ තිබෙනවා” යැයි මනිසි චන්ද්‍රා කීවේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ගෝලීය නිරීක්ෂණ සහ නීති ආයතනවලට අනුව ජාත්‍යන්තර වෙළෙඳපොලේ හෙරොයින් කිලෝග්‍රෑමයක මිල ඉන්දීය රුපියල් කෝටි 40 ත් 80ත් අතර පවතින බව පැවසේ. 

හින්දුස්තාන් ටයිම්ස් ඇසුරිනි 

055



අදහස් (0)

මුම්බායිහී කන්ටේනරයක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 130 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 776 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2417 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site