IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඇමෙරිකා - චීන වෙළඳ සාකච්ඡා යළි ඇරඹේ

වසරකට වැඩි කාලයක් මුළුල්ලේ පවතින වෙළෙඳ අර්බුදය නිමා කිරීමේ අරමුණින් ඇමෙරිකානු හා චීන නිලධාරීන් අතර සාකච්ඡා ලබන සතියේදී ආරම්භ වන ඇමෙරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් මනුචින් මහතා අද (24) ප්‍රකාශ කළේය. 

මේ අනුව චීනයේ ෂංහායි නුවරදී ලබන අඟහරුවාදා සහ බදාදා පළමු සාකච්ඡා වටය පැවැත්වෙන අතර දෙරටේ නිලධාරීන් මුහුණට මුහුණ මුණ ගැසෙන්නේ පසුගිය මැයි මාසයෙන් පසුවය. චීනය සිය පොරොන්දු කඩ කරන බවට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා මැයි මාසයේදී චීනයට චෝදනා කළ අතර එම චෝදනා නිසා දෙපාර්ශවය අතර සාකච්ඡා බිඳ වැටුණි. 

ඇමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් මනුචින් මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත රොබට් ලයිටයිසර් මහතා චීනයට යන ඇමෙරිකානු නියෝජිත පිරිසට නායකත්වය දෙනු ඇත. 

චීනයේ උප අගමැති ලියු හී චීන ඇති බව වාර්තා වන අතර ඔහු සමඟ කෙරෙන සාකච්ඡාවලදී කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙන බව ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. බුද්ධිමය දේපළ, අනියමින් තාක්ෂණය හුවමාරු කිරීම, තීරුබදු නොවන බාධක, කෘෂිකර්මය, සේවා, වෙළෙඳ හිඟය සහ බලාත්මක කිරීම සහ වලංගුභාවය යනාදී කරුණු සම්බන්ධයෙන් එම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරෙන බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයේ දැක්විණි. 

ලබන සතියේදී නැවත ආරම්භ වීමට නියමිත සාකච්ඡා පිළිබඳව දෙරටේ ඉහළ පෙළේ නිලධාරීන් අතර පසුගිය සතියේදී දුරකතන මාර්ගයෙන් දෙවරක් සාකච්ඡා පවත්වා ඇති බවද වාර්තා විය. 

ඒ.එෆ්.පී. ඇසුරිනි 

055

 



අදහස් (0)

ඇමෙරිකා - චීන වෙළඳ සාකච්ඡා යළි ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 776 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2417 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site