වසරකට වැඩි කාලයක් මුළුල්ලේ පවතින වෙළෙඳ අර්බුදය නිමා කිරීමේ අරමුණින් ඇමෙරිකානු හා චීන නිලධාරීන් අතර සාකච්ඡා ලබන සතියේදී ආරම්භ වන ඇමෙරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් මනුචින් මහතා අද (24) ප්‍රකාශ කළේය.
මේ අනුව චීනයේ ෂංහායි නුවරදී ලබන අඟහරුවාදා සහ බදාදා පළමු සාකච්ඡා වටය පැවැත්වෙන අතර දෙරටේ නිලධාරීන් මුහුණට මුහුණ මුණ ගැසෙන්නේ පසුගිය මැයි මාසයෙන් පසුවය. චීනය සිය පොරොන්දු කඩ කරන බවට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා මැයි මාසයේදී චීනයට චෝදනා කළ අතර එම චෝදනා නිසා දෙපාර්ශවය අතර සාකච්ඡා බිඳ වැටුණි.
ඇමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් මනුචින් මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත රොබට් ලයිටයිසර් මහතා චීනයට යන ඇමෙරිකානු නියෝජිත පිරිසට නායකත්වය දෙනු ඇත.
චීනයේ උප අගමැති ලියු හී චීන ඇති බව වාර්තා වන අතර ඔහු සමඟ කෙරෙන සාකච්ඡාවලදී කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙන බව ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. බුද්ධිමය දේපළ, අනියමින් තාක්ෂණය හුවමාරු කිරීම, තීරුබදු නොවන බාධක, කෘෂිකර්මය, සේවා, වෙළෙඳ හිඟය සහ බලාත්මක කිරීම සහ වලංගුභාවය යනාදී කරුණු සම්බන්ධයෙන් එම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරෙන බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
ලබන සතියේදී නැවත ආරම්භ වීමට නියමිත සාකච්ඡා පිළිබඳව දෙරටේ ඉහළ පෙළේ නිලධාරීන් අතර පසුගිය සතියේදී දුරකතන මාර්ගයෙන් දෙවරක් සාකච්ඡා පවත්වා ඇති බවද වාර්තා විය.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd