IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඉන්දියාවේ ගංවතුරේ චන්ද්‍රිකා ඡායාරූප හුවමාරුවක්

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට බලපා තිබෙන ගංවතුර තත්ත්වයත් සමඟ ඊට ප්‍රතිචාර දැක්වීම පහසු කිරීම සඳහා චීනය, ඉන්දියාව සමඟ චන්ද්‍රිකා ඡායාරූප හුවමාරු කරගෙන ඇත.

ස්වභාවික ආපදා, මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන ව්‍යවසන යනාදීය සම්බන්ධයෙන් අභ්‍යාවකාශ කේන්ද්‍රිත තොරතුරු, විශේෂයෙන්ම චන්ද්‍රිකා ඡායාරූප හුවමාරු කරගැනීම සඳහා බහුපාර්ශවීය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වේ. චීනය, ඉන්දියාව සමඟ චන්ද්‍රිකා ඡායාරූප හුවමාරු කරගෙන ඇත්තේ ඒ අනුවය. එම යාන්ත්‍රණයට අනුව ගංවතුර බලපා ඇති ඉන්දියාවේ ප්‍රාන්ත හා ප්‍රදේශවල චන්ද්‍රිකා ඡායාරූප චීනය, ඉන්දියාවට ලබා දී ඇත.

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය, ඉන්දියාවේ උතුරු නැගෙනහිර කොටසේ ප්‍රදේශ රැසක් සහ බිහාරය ජලයෙන් යට වී තිබේ.

ඉන්දියාවේ නව චීන තානාපති සුන් වෙයිඩොන්ග් ද චන්ද්‍රිකා ඡායාරූප හුවමාරු කරගත් බව තහවුරු කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණි.

“ ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනයේ ඉල්ලීමකට අනුව අපි චන්ද්‍රිකා ඡායාරූප ලබාදුන්නා. මෙය සිදුවන්නේ ජාත්‍යන්තර ආපදා සහන වැඩසටහනට අනුවයි. ඉන්දියාව ගංවතුරින් පීඩාවට පත්වූ ජනතාවට සහන සලසමින් ඉන්නවා. එම කටයුතු පහසු කරන්න ගංවතුර තත්ත්වය බලපා තිබෙන ප්‍රදේශවල චන්ද්‍රිකා ඡායාරූප ලබාදීමට අපි පියවර ගත්තා” යැයි ඔහු සඳහන් කළ ට්විටර් පණිවුඩයේ දැක්විණි.

ස්වභාවික ව්‍යවසනයක් සිදුවන ඕනෑම අවස්ථාවකදී ‘එන්.ආර්.එස්’ මධ්‍යස්ථානය රටවල් 32 අභ්‍යාවකාශ ආයතන 32ක් මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන බව ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක රවීශ් කුමාර් පැවැසීය. අභ්‍යාවකාශ සහ ප්‍රධාන ව්‍යවසන හා ආපදා ප්‍රඥප්තියට අනුව ස්වභාවික ආපදා, මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන ව්‍යවසන යනාදීය සම්බන්ධයෙන් අභ්‍යාවකාශ කේන්ද්‍රිත තොරතුරු, විශේෂයෙන්ම චන්ද්‍රිකා ඡායාරූප හුවමාරු කරගැනීමේ මෙම බහුපාර්ශවීය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ද හෙතෙම කීය.



ඉන්දියන් එක්ස්ප්‍රස් ඇසුරිනි

055



අදහස් (0)

ඉන්දියාවේ ගංවතුරේ චන්ද්‍රිකා ඡායාරූප හුවමාරුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 776 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2417 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site