උතුරු කොරියාව තවත් කෙටිදුර මිසයිල දෙකක් යවා ඇතැයි දකුණු කොරියානු ආරක්ෂක අංශ පවසයි.

මෙය සතියක් ඇතුළත උතුරු කොරියාව විසින් යවනු ලැබූ දෙවැනි මිසයිල ප්‍රහාරය වන අතර අද (31) උදෑසන නැගෙනහිර වොන්සන් වරාය ප්‍රදේශයෙන් ගුවන් ගතකළ බව වාර්තා වී ඇත.

මිසයිල දෙක කිලෝමීටර් 30ක් පමණ උසින් කිලෝමීටර් 250ක් පමණ දුර ගමන් කර මුහුදට වැටී ඇතැයි සඳහන් වේ. 

මේවා මින් පෙර යවනු ලැබූ ඒවාට වඩා වෙනස් මාදිලියක මිසයිල බවට තොරතුරු වාර්තාවී ඇතැයි දකුණු කොරියානු බලධාරීහු පවසති.

දකුණු කොරියාව හා ඇමරිකාව එක්ව පැවැත්වීමට සැලසුම්කර ඇති යුද අභ්‍යාසයන්ට විරෝධය පලකිරීම සඳහා උතුරු කොරියාව මිසයිල අත්හදාබැලීම ආරම්භ කළ බව පවසා තිබිණි.

විචාරකයින් සඳහන් කරන්නේ තවත් බොහෝ මිසයිල අත්හදාබැලීම් ඉදිරියේදී සිදුවනු ඇති බවයි.

(බීබීසී ඇසුරිනි - 085)