උතුරු කොරියාව තවත් කෙටිදුර මිසයිල දෙකක් යවා ඇතැයි දකුණු කොරියානු ආරක්ෂක අංශ පවසයි.
මෙය සතියක් ඇතුළත උතුරු කොරියාව විසින් යවනු ලැබූ දෙවැනි මිසයිල ප්‍රහාරය වන අතර අද (31) උදෑසන නැගෙනහිර වොන්සන් වරාය ප්‍රදේශයෙන් ගුවන් ගතකළ බව වාර්තා වී ඇත.
මිසයිල දෙක කිලෝමීටර් 30ක් පමණ උසින් කිලෝමීටර් 250ක් පමණ දුර ගමන් කර මුහුදට වැටී ඇතැයි සඳහන් වේ.
මේවා මින් පෙර යවනු ලැබූ ඒවාට වඩා වෙනස් මාදිලියක මිසයිල බවට තොරතුරු වාර්තාවී ඇතැයි දකුණු කොරියානු බලධාරීහු පවසති.
දකුණු කොරියාව හා ඇමරිකාව එක්ව පැවැත්වීමට සැලසුම්කර ඇති යුද අභ්‍යාසයන්ට විරෝධය පලකිරීම සඳහා උතුරු කොරියාව මිසයිල අත්හදාබැලීම ආරම්භ කළ බව පවසා තිබිණි.
විචාරකයින් සඳහන් කරන්නේ තවත් බොහෝ මිසයිල අත්හදාබැලීම් ඉදිරියේදී සිදුවනු ඇති බවයි.
(බීබීසී ඇසුරිනි - 085)
2025 නොවැම්බර් මස 04
774
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2414
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරු කොරියාව තවත් කෙටිදුර මිසයිල දෙකක් යවයි