මියන්මාරයේ උතුරුදිග කචින් පළාතේ ජේඩ් පතලක් නායයෑමකින් පුද්ගලයින් 18දෙනකු මියගොස් ඇත.
මියගිය අය අතර පොලිස් නිලධාරීයෙකු ද සිටින බවත් පොලිසියේ දෙදෙනකු ද ඇතුළුව සිව්දෙනකු අතුරුදන්ව ඇති බවත් සඳහන් වේ.
අතුරුදන්ව සිටින හතරදෙනා ද මියයන්නට ඇති බව පොලිසිය පවසයි.
කැණීම් භූමියේ ආරක්ෂාව සඳහා ඉදිකර තිබූ පොලිස් මුරපොළ ද නායගොස් ඇත.
පසුගිය අප්‍රේල් මාසයේදී ද කචින් පළාතේ වේල්ලක් බිඳීයෑම හේතුවෙන් පතල් සේවකයින් 55දෙනකු මියගියහ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd