‘‘දුගීබව තුරන් කරන්න ඇත්තේ වසර 2 ක් පමණයි‘‘ වසර 2020 වනවිට “අන්ත දුගීබව” රටින් තුරන් කිරීමේ අරමුණ ඉටු කරගැනීමට ඇත්තේ තවත් වසර දෙකක් බැවින් ඊට එරෙහිව සටන් වැදීම සඳහා පියවර ගත යුතු යැයි චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා පැවැසීය. 12 March 2019
යේමනයේ ගුවන් ප්‍රහාරවලින් 22දෙනෙක් මරුට යේමනයේ උතුරු දිග හජා පළාතේ කුෂාර් දිස්ත්‍රික්කයට පසුගිය දින කිහිපයේ එල්ලවූ ගුවන් ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් 22දෙනෙකු මියගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. 12 March 2019
බ්‍රසීලයේ ගංවතුරින් 11 ක් මරුට බ්‍රසීලයේ සාවෝ පාවුලෝ ඇතිවූ දරුණු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 11 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 12 March 2019
ට්‍රම්ප් ආරක්ෂක වියදම් සියයට 4ක් ඉහළ නංවයි ලබන වසර සඳහා අයවැය ඉදිරිපත් කරමින් ආරක්ෂාව සඳහා කෙරෙන වියදම සියයට 4කින් ඇමෙරිකානු ඩොලර් බිලියන 750ක් දක්වා ඉහළ දැමීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර ඇත. 11 March 2019
මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් 15 ක් මරුට මෙක්සිකෝවේ ගුවානාජුවාටෝ ප්‍රාන්තයේ රාත්‍රී සමාජ ශාලාවක වෙඩි තැබීමකින් පුද්ගලයන් 15 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. 10 March 2019
කොලෙම්බියාවේ ගුවන් අනතුරකින් 14 ක් මරුට කොලෙම්බියාවේ මෙටා තැනිතලා ප්‍රදේශයේදී සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. 10 March 2019
මෙක්සිකෝහි ට්රක්රථයක් පෙරැළීමෙන් 25ක් මරුට මෙක්සිකෝවේ දකුණු දිග චියැප්ස් ප්‍රාන්තයේ ග්වාතමාලා දේශසීමාව ආසන්නයේ අධිවේගී මාර්ගයක ගමන් ගත් බඩු ප්‍රවාහණ ට්‍රක් රථයක් අනතුරට ලක්වීමෙන් එහි සිටි 25දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 09 March 2019
මලාවි ගංවතුරින් 23ක් මරුට, 11ක් අතුරුදන් මලාවි රාජ්‍යයේ ගංවතුර හේතුවෙන් 23දෙනකු මියගොස් 11දෙනකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. 09 March 2019
ජම්මු බෝම්බ ප්‍රහාරයේ සැකකරු අත්අඩංගුවට ජම්මුහි ප්‍රධාන බස් නැවතුම්පළට අද(07) බෝම්බ ප්‍රහාරය එල්ල කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 07 March 2019
කයිල් ජෙනර් ලොව ලාබාලතම බිලියනපතිනිය වෙයි ෆෝබ්ස් බිලියනපතියන්ගේ ලැයිස්තුවට අනුව කයිල් ජෙනර් ලොව ලාබාලතම තනිව ගොඩනැගුණු බිලියනපතිනිය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 07 March 2019
පලා යාමට තැත් කළ අයි එස් සටන්කරුවන් 400ක් අල්ලයි පලා යාමට උත්සහ කළ අයි එස් සටන්කරුවන් 400ක් පමණ සිරියාවේදී අල්ලා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 07 March 2019
නයිරෝබි නුවර ගුවන් තොටුපළේ සේවක වර්ජනයක් කෙන්යාවේ නයිරෝබි නුවර ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සේවකයන් වැඩ වර්ජනයක නිරත වීම හේතුවෙන් දහස් ගණනක් මගීන්ට ගුවන්තොටුපළේ රැඳී සිටීමට සිදුවී ඇතැයි වාර්තා වේ. 06 March 2019
ඇෆ්ගනිස්ථානයේ අධික වර්ෂාවෙන් 59ක් මරුට ඇෆ්ගනිස්ථානයේ පසුගිය සති දෙක තුළ ඇතිවූ අධික වර්ෂාව,හදිසි ගංවතුර තත්ත්වය හා දැඩි හිම පතනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 59ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. 06 March 2019
ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේ 16 ක් මරුට ඇෆ්ගනිස්ථානයේ ජලාලාබාද් ප්‍රදේශයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් සහ තුවක්කුකරුවකුගේ ප්‍රහාරයකින් ඉදිකිරීමේ ආයතනයක ආරක්ෂක නිලධාරීන් ඇතුළු 16 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වේ. 06 March 2019
රුසියාව න්‍යෂ්ටික අවිපාලන ගිවිසුම අත්හිටුවයි රුසියාව අත්සන් කර තිබූ න්‍යෂ්ටික අවි පාලන ගිවිසුම අත්හිටුවීමට තීරණය කළ බව රුසියානු ජනාධිපති වැලඩමීර් පුටින් මහතා පැවසීය. 05 March 2019
ඉන්දියාවට දුන් තීරුබදු සහනය නැවතීමට ට්‍රම්ප් සැරසේ ඉන්දියාවට ලබාදුන් තීරුබදු සහනය නැවැත්වීමට තමන් තීරණය කර ඇතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පැවැසීය. 05 March 2019
ඊශ්‍රාල භට පිරිසක් කඩාවැදුණූ රථයේ සිටි පලස්තීනුවන් දෙදෙනකු මරුට ඊශ්‍රාලයට අයත් වෙස්ට් බෑන්ක් ප්‍රදේශයේදී පලස්තීන ජාතිකයන් තිදෙනකු ගමන්ගත් මෝටර් රථයක් ඊශ්‍රායල හමුදා භට පිරිසක් වෙත කඩා වැදීමෙන් රථයේ ගමන්ගත් පලස්තීනුවන් දෙදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 04 March 2019
කාශ්මීර ප්‍රහාරයෙන් මියගිය සාමාජිකයන්ට කෝටි 110 ක ප්‍රදානයක් ඉන්දියාවට අයත් කාශ්මීර ප්‍රදේශයේදී එරට හමුදා රථ පෙළකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය හමුදා සාමාජිකයන් වෙනුවෙන් එරට විද්‍යාඥයකු ඉන්දීය රුපියල් කෝටි 110ක් ප්රදානය කර තිබේ. 04 March 2019
ඇලබාමාහි ටොනාඩෝවකින් 14 ක් මරුට ඇලබාමාහි ලී කවුන්ටි ප්‍රදේශයේ ඇතිවූ ටොනාඩෝවක් හේතුවෙන් 14 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 04 March 2019
පාකිස්තානයේ ගුවන් ප්‍රහාරය ගැන ඇමරිකාව සොයයි පාකිස්තානය ඉන්දියානු ප්‍රහාරක යානය බිම හෙළන ලද්දේ ඇමෙරිකාවේ නිෂ්පාදිත එෆ් 16 ප්‍රහාරක ජෙට් යානා යොදාගනිමින්දැයි එක්සත් ජනපදය පාකිස්තානයේ විමසීමක් කර ඇත. 03 March 2019
වෙනිසියුලාව සම්බන්ධයෙන් ඇමෙරිකාව- රුසියාව ද්විපාර්ශ්වික සාකච්ඡා වෙනිසියුලා ගැටලුව සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කිරීමට තම රට සූදානම් බව රුසියානු විදේශ ඇමතිවරයා පැවසුවේය. 03 March 2019
නයිජීරියාවේ තෙල් නළ පිපිරීමකින් 50ක් අතුරුදහන් නයිජීරියාවේ තෙල් නළයක් පිපිරී යාමෙන් 50කට අධික පිරිසක් අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 03 March 2019
ඇල්ජීරියාවේ විරෝධතා හේතුවෙන් 183කට තුවාල ඇල්ජීරියාවේ ජනාධිපතිවරයාට විරුද්ධව පැවති විරෝධතාවයකදී ඇතිවූ ගැටුම් හේතුවෙන් 183දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 03 March 2019
ඇෆ්ගනිස්ථානයේ ගංවතුර තත්ත්වයකින් 20ක් මරුට ඇෆ්ගනිස්ථානයේ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 20දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 03 March 2019
තලේබාන් - ඇෆ්ගනිස්ථානය අතර ගැටුමකින් ඇෆ්ගන් භටයන් 25ක් මරුට ඇෆ්ගනිස්ථානයේ දකුණුදිග හැමන්ඩ් පළාතේ තලේබාන් ගරිල්ලන් සමඟ ඇතිවූ සටන් වලින් ඇෆ්ගන් හමුදා භටයන් 25දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 01 March 2019
බින්ලාඩන්ගේ පුතු පිළිබඳ තොරතුරු සපයන්නන්ට ඇමරිකාවෙන් තෑගි අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ හිටපු නායක ඔසාමා බින්ලාඩන්ගේ පුතු පිළිබඳ තොරතුරු ලබා දෙන්නන්ට ඇමරිකානු ඩොලර් මිලියනයක මුදලක් තෑගි වශයෙන් ලබා දෙන බව ඇමරිකාව නිවේදනය කරයි. 01 March 2019
ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ හමුවට නොඑන බව පාකිස්තාන විදේශ ඇමැති කියයි ඉන්දීය විදේශ ඇමතිනියට ආරාධනා කර ඇති බැවින් තමන් ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ විදේශ ඇමැතිවරුන්ගේ හමුවට සහභාගී නොවන බව පාකිස්තාන විදේශ අමාත්‍ය ෂහ් මහ්මූද් කුරේෂි මහතා අද (1) ප්‍රකාශ කළේය. 01 March 2019
‘ජමාත් ඊ ඉස්ලාමී’ පක්ෂය තහනම් කරන්න පියවර කාශ්මීරය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන ඉස්ලාමීය දේශපාලන පක්ෂයක් වන ‘ජමාත් ඊ ඉස්ලාමී’ පක්ෂය තහනම් කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇත. 01 March 2019
ඉන්දියාව - පාකිස්තානය අතර අර්බුදය විසඳන්න රුසියාව සුදානම් ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වී තිබෙන මතභේදාත්මක තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා මැදිහත්කරුවකු ලෙස කටයුතු කිරීමට සූදානම් යැයි රුසියාව අද (28) ප්‍රකාශ කළේය. න්‍යෂ්ටික අවි හිමි අසල්වැසියන් වන ඉන්දියාව සහ පාකිස්තානය අතර තවදුරටත් ගැටුම් ඇතිවීමේ අවදානමක් ඇති බව පවසමින් අර්බුදය විසඳීමට මැදිහත් වීමට සූදානම් යැයි රුසියානු බලධාරීහු කීහ. 28 February 2019
ගුවන් නියමුවා නිදහස් කරන්නැයි ඉන්දියාව ඉල්ලයි පකිස්තාන හමුදාව විසින් වෙඩි තබන ලද ඉන්දීය ගුවන් යානයේ සිටි ගුවන් නියමුවා නිදහස් කරන ලෙස ඉන්දියාව පාකිස්ථානයෙන් ඉල්ලා සිටින බව වාර්තා වේ. 28 February 2019
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026