උතුරු කොරියාව අද (06) තවත් මිසයිල දෙකක් ගුවන්ගතකළ බව දකුණු කොරියානු ආරක්ෂක අංශ චෝදනා කරයි.
මෙය සතිදෙකකටත් අඩු කාලයකදී උතුරු කොරියාව විසින් දියත් කල හතරවන මිසයිල අභ්‍යාසය වන අතර දකුණු දිග හවාන්ගේ පළාතෙන් ගුවන්ගතකර නැගෙනහිර මුහුදු ප්‍රදේශයට පතිත කල බව සඳහන් වේ.
ඇමරිකාව හා දකුණු කොරියාව එක්ව සිදුකරන යුධ අභ්‍යාස සඳුදා(05) ආරම්භ වූ බවත් එයට විරෝධය පල කිරීමක් ලෙස මිසයිල අභ්‍යාස සිදුකරන්නට ඇති බවත් මාධ්‍ය සඳහන් කර ඇත.
උතුරු කොරියානු විදේශ අමාත්‍යාංශය විසින් අද නිවේදනයක් නිකුත් කර ඇති නමුත් එහි මිසයිල අභ්‍යාස සම්බන්දව කිසිවක් සඳහන් කර නොමැත. එහෙත් දකුණු කොරියාව හා ඇමරිකාව එක්ව සිදුකරන යුධ අභ්‍යාස පිළිබඳව අප්‍රසාදය පලකර ඇති අතර නිසැකයෙන්ම එහිදී නවීන ආයුද අත්හදාබැලීම් සහ වැඩිදුයුණු කිරීම් සිදුකරනු ඇතැයි චෝදනා කර ඇත.
(බීබීසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
උතුරු කොරියාව තවත් මිසයිල දෙකක් අත්හදා බලයි